Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 6:27 - Sinhala Revised Old Version

27 ඔහු ඒ කෙරුබ් රූප ඇතුල් ගෘහය තුළ පිහිටෙවුවේය. එක කෙරුබ් රූපයක පියාපතක් එක භිත්තියට වදින හැටියටත් අනික් කෙරුබ් රූපයේ පියාපතක් අනික් භිත්තියට වදින හැටියටත් ඒවායේ පියාපත් ගෘහය මධ්‍යයෙහි එකිනෙකට වදින හැටියටත් ඒවායේ පියාපත් විහිදුවා තබනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඔහු ඒ කෙරුබ්වරුන්ගේ රූප ඇතුළු ගෘහය තුළ පිහිටෙවුවේ ය. එක කෙරුබ්වරයෙකුගේ රූපයක පියාපතක් එක බිත්තියකට වදින හැටියටත්, අනික් කෙරුබ්වරයාගේ රූපයේ පියාපතක් අනික් බිත්තියට වදින හැටියටත්, ඒවායේ පියාපත් ඇතුළු ගෘහය මැද එකිනෙකට වදින හැටියටත් ඒවායේ පියාපත් විහිදුවා තබන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ඔහු ඒ කෙරුබ්වරුන්ගේ රූප ඇතුළු ගෘහය තුළ පිහිටෙවුවේ ය. එක කෙරුබ්වරයෙකුගේ රූපයක පියාපතක් එක බිත්තියකට වදින හැටියටත්, අනික් කෙරුබ්වරයාගේ රූපයේ පියාපතක් අනික් බිත්තියට වදින හැටියටත්, ඒවායේ පියාපත් ඇතුළු ගෘහය මැද එකිනෙකට වදින හැටියටත් ඒවායේ පියාපත් විහිදුවා තබන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 6:27
8 හුවමාරු යොමු  

කෙරුබ්වරු ඉහළට පියාපත් විදහා ඔවුන්ගේ පියාපත්වලින් කරුණාසනය වසාගනිමින් ඔවුනොවුන්ට මුහුණට මුහුණ ලා සිටියෝය; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට විය.


කෙරුබ්වරුන්ගේ පියාපත්වලින් කරුණාසනය වැසෙන හැටියට ඊට උඩින් පියාපත් විහිදී ඔවුන්ගේ මුහුණු එකිනෙකා දෙසට තිබේවා; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට තිබේවා.


එසේ පෙට්ටියේ ස්ථානයට උඩින් විහිදී තිබුණ කෙරූබ්වරුන්ගේ පියාපත්වලට පෙට්ටියත් ඒකේ පොලුත් උඩින් වැසී තිබුණේය.


මක්නිසාද පෙට්ටියේ ඉඩමට උඩින් විහිදී තිබුණු කෙරුබ්වරුන්ගේ පියාපත්වලට පෙට්ටියත් ඒකේ පොලුත් උඩින් වැසී තිබුණේය.


කෙරූබ්-රූපවල පියාපත්වල දිග විසි රියනක්ය. එකක පියාපතක් රියන් පහක් දිගව ගෘහයේ භිත්තියට තට්ටුවෙන ලෙසද අනික් පියාපත රියන් පහක් දික්ව අනික් කෙරූබ්-රූපයේ පියාපතකට තට්ටුවෙන ලෙසද තිබුණේය.


එක කෙරුබ් රූපයක උස දස රියනක්ය, අනික් කෙරුබ් රූපයත් එසේමය.


ඔහු කෙරුබ් රූප රනින් වැසුවේය.


පූජකයෝ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අති ශුද්ධස්ථානය වන ගෘහයේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනැවිත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඒකේ ඉඩමෙහි තැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්