ඔහු දිව්‍ය-වාක්‍යස්ථානයෙහි ඇතුළේ ඔලීව ලීවලින් මීටර් හතරයි දශම හතර බැගින් උස ඇති කෙරුබ්වරුන්ගේ රූප දෙකක් සාදා තැබී ය.
1 රාජාවලිය 6:24 - Sinhala New Revised Version 2018 එක කෙරුබ්වරයෙකුගේ රූපයක එක පියාපතක් මීටර් දෙකයි දශම දෙකක් ය. කෙරුබ්වරයාගේ රූපයේ අනික් පියාපත මීටර් දෙකයි දශම දෙකක් ය; එක් පියාපතක කෙළවර පටන් අනික් පියාපතේ කෙළවර දක්වා මීටර් හතරයි දශම හතරකි. Sinhala New Revised Version එක කෙරුබ්වරයෙකුගේ රූපයක එක පියාපතක් මීටර් දෙකයි දශම දෙකක් ය. කෙරුබ්වරයාගේ රූපයේ අනික් පියාපත මීටර් දෙකයි දශම දෙකක් ය; එක් පියාපතක කෙළවර පටන් අනික් පියාපතේ කෙළවර දක්වා මීටර් හතරයි දශම හතරකි. Sinhala Revised Old Version එක කෙරුබ් රූපයක එක පියාපතක් පස් රියනක්ය, කෙරුබ් රූපයේ අනික් පියාපත පස් රියනක්ය. එක පියාපතක කෙළවර පටන් අනික් පියාපතේ කෙළවර දක්වා දස රියනක්ය. |
ඔහු දිව්‍ය-වාක්‍යස්ථානයෙහි ඇතුළේ ඔලීව ලීවලින් මීටර් හතරයි දශම හතර බැගින් උස ඇති කෙරුබ්වරුන්ගේ රූප දෙකක් සාදා තැබී ය.
අනික් කෙරුබ්වරයාගේ රූපයත් මීටර් හතරයි දශම හතරකි, කෙරුබ්වරුන්ගේ රූප දෙක ම එක මිම්මට ද එක හැඩේට ද විය.
සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය.
ඔවුන්ගේ පෙනුම මෙසේ ය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූප තිබුණේ ය. ඔවුන් එකිනෙකාට මුහුණු සතරක් ද පියාපත් සතරක් ද තිබිණි. ඔවුන්ට ඇද නැති පාද තිබිණි.