ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග මීටර් නවයකි; පළල මීටර් නවයකි; උස මීටර් නවයකි. ඔහු එහි පෙරූ රන් ගල්වා පූජාසනය කිහිරි ලීවලින් වැසුවේ ය.
1 රාජාවලිය 6:22 - Sinhala New Revised Version 2018 මුළු මාලිගාව සම්පූර්ණයෙන් නිම වන තෙක් රන් ගැල්වී ය. දිව්‍ය-වාක්‍යස්ථානය තුළ වූ පූජාසනයෙහි ද සම්පූර්ණයෙන් ම රන් ආලේප කෙළේ ය. Sinhala New Revised Version මුළු මාලිගාව සම්පූර්ණයෙන් නිම වන තෙක් රන් ගැල්වී ය. දිව්‍ය-වාක්‍යස්ථානය තුළ වූ පූජාසනයෙහි ද සම්පූර්ණයෙන් ම රන් ආලේප කෙළේ ය. Sinhala Revised Old Version මුළු ගෘහය වසා තීන්දුවනතෙක් ඔහු ඒක මුළුල්ලම රනින් වැසුවේය. දිව්‍ය-වාක්‍යස්ථානයට අයිති පූජාසනය මුළුල්ලත් රනින් වැසුවේය. |
ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග මීටර් නවයකි; පළල මීටර් නවයකි; උස මීටර් නවයකි. ඔහු එහි පෙරූ රන් ගල්වා පූජාසනය කිහිරි ලීවලින් වැසුවේ ය.
මෙසේ සලමොන් මාලිගාවේ ඇතුළත පෙරූ රන් ආලේප කොට රන් දම්වැල් දිව්‍ය-වාක්‍යස්ථානයේ ඉස්සරහ පැත්තෙහි ඇද, ඒවායෙහි ද රන් ආලේප කෙළේ ය.
තවද, ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු සාදා හරස් ලී ද රනින් ආලේප කළ යුතු ය.
එහි මුදුන ද හතර පැත්ත ද අං ද රනින් ආලේප කළ යුතු අතර එය වටේට රන් ලීස්තරයක් ද සෑදිය යුතු ය.