ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග මීටර් නවයකි; පළල මීටර් නවයකි; උස මීටර් නවයකි. ඔහු එහි පෙරූ රන් ගල්වා පූජාසනය කිහිරි ලීවලින් වැසුවේ ය.
1 රාජාවලිය 6:21 - Sinhala New Revised Version 2018 මෙසේ සලමොන් මාලිගාවේ ඇතුළත පෙරූ රන් ආලේප කොට රන් දම්වැල් දිව්‍ය-වාක්‍යස්ථානයේ ඉස්සරහ පැත්තෙහි ඇද, ඒවායෙහි ද රන් ආලේප කෙළේ ය. Sinhala New Revised Version මෙසේ සලමොන් මාලිගාවේ ඇතුළත පෙරූ රන් ආලේප කොට රන් දම්වැල් දිව්‍ය-වාක්‍යස්ථානයේ ඉස්සරහ පැත්තෙහි ඇද, ඒවායෙහි ද රන් ආලේප කෙළේ ය. Sinhala Revised Old Version මෙසේ සාලමොන් ගෘහයේ ඇතුළත අනර්ඝ රනින් වසා, රන් දම්වැල් දිව්‍ය-වාක්‍යස්ථානයේ ඉස්සරහ පැත්තෙහි ඇද, ඒක රනින් වැසුවේය. |
ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග මීටර් නවයකි; පළල මීටර් නවයකි; උස මීටර් නවයකි. ඔහු එහි පෙරූ රන් ගල්වා පූජාසනය කිහිරි ලීවලින් වැසුවේ ය.
මුළු මාලිගාව සම්පූර්ණයෙන් නිම වන තෙක් රන් ගැල්වී ය. දිව්‍ය-වාක්‍යස්ථානය තුළ වූ පූජාසනයෙහි ද සම්පූර්ණයෙන් ම රන් ආලේප කෙළේ ය.
ඔහු මාලිගාවත්, දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකර මාලිගාවේ බිත්ති වටේට, ඒවාට යා කර උඩුමහල් ගොඩනැඟී ය.
තවද, ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු සාදා හරස් ලී ද රනින් ආලේප කළ යුතු ය.
ඔහු ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු ද සාදා, හරස් ලී ද රනින් ආලේප කෙළේ ය.