ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තැබීමට ඇතුළතින් මාලිගාව තුළ දිව්‍ය-වාක්‍යස්ථානයක් පිළියෙළ කෙළේ ය.
1 රාජාවලිය 6:20 - Sinhala New Revised Version 2018 ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග මීටර් නවයකි; පළල මීටර් නවයකි; උස මීටර් නවයකි. ඔහු එහි පෙරූ රන් ගල්වා පූජාසනය කිහිරි ලීවලින් වැසුවේ ය. Sinhala New Revised Version ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග මීටර් නවයකි; පළල මීටර් නවයකි; උස මීටර් නවයකි. ඔහු එහි පෙරූ රන් ගල්වා පූජාසනය කිහිරි ලීවලින් වැසුවේ ය. Sinhala Revised Old Version ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, එහි උසත් විසි රියනක්ය; ඔහු එය අනර්ඝ රනින් වැසුවේය. පූජාසනය ඔහු කිහිරි ලීවලින් වැසුවේය. |
ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තැබීමට ඇතුළතින් මාලිගාව තුළ දිව්‍ය-වාක්‍යස්ථානයක් පිළියෙළ කෙළේ ය.
මෙසේ සලමොන් මාලිගාවේ ඇතුළත පෙරූ රන් ආලේප කොට රන් දම්වැල් දිව්‍ය-වාක්‍යස්ථානයේ ඉස්සරහ පැත්තෙහි ඇද, ඒවායෙහි ද රන් ආලේප කෙළේ ය.
මුළු මාලිගාව සම්පූර්ණයෙන් නිම වන තෙක් රන් ගැල්වී ය. දිව්‍ය-වාක්‍යස්ථානය තුළ වූ පූජාසනයෙහි ද සම්පූර්ණයෙන් ම රන් ආලේප කෙළේ ය.
සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සියලු බඩු එනම්, රන් පූජාසනය ද පිදීමේ පූප තැබීමට රන් මේසය ද
ඔහු මාලිගාව ද බාල්ක ද උළුවහු ද එහි බිත්ති ද දොරවල් ද රනින් ආලේප කෙළේ ය. බිත්තිවල කෙරුබ් රූප ද කැටයම් කෙළේ ය.
තවද, ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු සාදා හරස් ලී ද රනින් ආලේප කළ යුතු ය.
ලී පූජාසනය මෙනි. එහි උස මීටර් එකහමාරක් ය, දිග මීටර් එකක් ය. එහි කොන් ද එහි ඇති අඩිය ද එහි පැති ද ලීවලින් ය. එවිට ඔහු කතා කරමින්, ‘මෙය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන මේසය ය’යි මට කී ය.
ඔහු මාලිගාවට ඉදිරිපිටින් එහි දිගට මීටර් දහයක් ද පළලට මීටර් දහයක් ද මැන, ‘මෙය අතිශුද්ධස්ථානය’යි මට කීවේ ය.