ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 22:41 - Sinhala New Revised Version 2018

ඉශ්රායෙල් රජ වන ආහබ්ගේ සතර වන අවුරුද්දේ දී ආසාගේ පුත් ජෙහෝෂාපාට් තෙමේ ජුදාහි රජ විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්රායෙල් රජ වන ආහබ්ගේ සතර වන අවුරුද්දේ දී ආසාගේ පුත් ජෙහෝෂාපාට් තෙමේ ජුදාහි රජ විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් රජවූ ආහබ්ගේ සතරවෙනි අවුරුද්දේදී ආසාගේ පුත්‍රවූ යෙහෝෂාපාට් තෙමේ යූදා කෙරෙහි රජවුණේය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 22:41
7 හුවමාරු යොමු  

ආසා මරණයට පත් වූ පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ භූමදාන කරනු ලැබී ය. ඔහුගේ පුත්‍ර වූ ජෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ විය.


තුන් වන අවුරුද්දේ ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ඉශ්රායෙල් රජු ළඟට පැමිණියේ ය.


මෙසේ ආහබ් මියගියේ ය. ඔහුගේ පුත් අහසියා ඔහු වෙනුවට රජ විය.


ජෙහෝෂාපාට් රජ වන කල අවුරුදු තිස්පහක් වයස් ව සිටියේ ය. ඔහු ජෙරුසලමේ විසිපස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අශුබා ය. ඈ ෂිල්හිගේ දුව ය.


සලමොන්ගේ පුත්‍රයා රෙහොබෝවම් ය. ඔහුගේ පුත්‍රයා අබියා ය; ඔහුගේ පුත්‍රයා ආසා ය; ඔහුගේ පුත්‍රයා ජෙහෝෂාපාට් ය;


ආසාගේ පුත් ජෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ වී ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව තමාගේ බලය තහවුරු කරගත්තේ ය.


ජෙහෝෂාපාට් ජුදා දේශයෙහි රජකම් කෙළේ ය. ඔහු සිංහාසනාරූඪ වන කල අවුරුදු තිස්පහක් වයස් ව සිටියේ ය. ඔහු ජෙරුසලමෙහි විසිපස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අශුබා ය. ඈ ෂිල්හිගේ දුව ය.