ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 22:38 - Sinhala New Revised Version 2018

තවද, ඔව්හු සමාරියේ පොකුණෙන් රථය සේදූ හ. සමිඳාණන් වහන්සේ වදාළ වචනය හැටියට බල්ලෝ ඔහුගේ ලේ ලෙවකෑහ. වේශ්‍යාවෝ‍ එහි ස්නානය කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, ඔව්හු සමාරියේ පොකුණෙන් රථය සේදූ හ. සමිඳාණන් වහන්සේ වදාළ වචනය හැටියට බල්ලෝ ඔහුගේ ලේ ලෙවකෑහ. වේශ්‍යාවෝ‍ එහි ස්නානය කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද ඔව්හු වේශ්‍යාවන් නාන තැනවූ සමාරියේ පොකුණෙන් රථය සේදුවෝය; ස්වාමීන්වහන්සේ කී වචනයේ හැටියට බල්ලෝ ඔහුගේ ලේ ලෙවකෑවෝය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 22:38
10 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ එලියා ලවා දෙන ලද උන් වහන්සේගේ පණිවුඩය ප්‍රකාර පිටි බඳුන හිස් නො වී ය; තෙල් කුලාව අඩු නො වී ය.


නුඹ ඔහුට කතා කොට, ‘නුඹ ඒ වත්ත මිනී මරා අයිති කරගත්තෙහි දැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. තවද, ‘බල්ලෝ යම් තැනක දී නාබොත්ගේ ලේ ලෙවකෑවෝ‍ ද එතැන්හි දී බල්ලෝ නුඹේ ලේ එසේ ය, නුඹේ ම ලේත් ලෙවකන්නෝ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි කී ය.


මෙසේ රජ මරණයට පත් වූ පසු ඔහු සමාරියට ගෙන ගොස්, සමාරියේ තැන්පත් කරන ලදී.


මෙසේ එලියා පැවසූ සමිඳාණන් වහන්සේගේ වචනය ලෙස ඔහු මළේ ය. ඔහුට පුත්‍රයෙකු නොසිටි බැවින් ඔහු වෙනුවට ජොරාම්, ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත් වන ජෙහෝරාම්ගේ දෙ වන අවුරුද්දේ දී රජ විය.


අහසත්, පොළොවත් පහ වී යන්නේ ය. එහෙත්, මාගේ වචන කිසි දා පහ වී නොයන්නේ ම ය.”