අප විසින් අප කෙරෙහි අභිෂේක කරන ලද අබ්සලොම් දැන් යුද්ධයේ දී මැරුණේ ය. ඒ නිසා රජ්ජුරුවන් නැවත ගෙන්වීම ගැන ඔබ හැම කිසිවක් නොකියා සිටින්නේ මන්දැ”යි ඇසූ හ.
1 රාජාවලිය 22:3 - Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් රජ තමාගේ සේවකයන්ට කතා කොට, “රාමොත්-ගිලියද් අපට අයිති බව ඔබ දන්නහු ද? දැනගෙනත්, අප එය සිරියාවේ රජු අතින් උදුරාගැනීමට කිසිවක් නොකර සිටිනු නොවේ දැ”යි කීවේ ය. Sinhala New Revised Version ඉශ්රායෙල් රජ තමාගේ සේවකයන්ට කතා කොට, “රාමොත්-ගිලියද් අපට අයිති බව ඔබ දන්නහු ද? දැනගෙනත්, අප එය සිරියාවේ රජු අතින් උදුරාගැනීමට කිසිවක් නොකර සිටිනු නොවේ දැ”යි කීවේ ය. Sinhala Revised Old Version ඉශ්රායෙල් රජ තමාගේ සේවකයන්ට කථාකොට: රාමොත්-ගිලියද් අපට අයිති බව නුඹලා දන්නහුද? දැනගනත් අප ඒක සිරියේ රජු අතින් නොගෙන නිකම් සිටිනවා නොවේදැයි කීවේය. |
අප විසින් අප කෙරෙහි අභිෂේක කරන ලද අබ්සලොම් දැන් යුද්ධයේ දී මැරුණේ ය. ඒ නිසා රජ්ජුරුවන් නැවත ගෙන්වීම ගැන ඔබ හැම කිසිවක් නොකියා සිටින්නේ මන්දැ”යි ඇසූ හ.
රාමොත්-ගිලියද්හි සිටි බෙන්-ගෙබර් ය; ගිලියද්හි සිටි මනස්සේගේ පුත් ජායීර්ගේ නගර ද පවුරු ද ලෝකඩ අගුල් ද ඇති මහා නගර හැටක් සහිත බාෂාන් නම් පෙදෙසෙහි අර්ගොබ් පළාත ඔහුට පැවරිණි.
ඔහු ආහබ්ගේ පුත් ජෝරාම් සමඟ සිරියාවේ රජු වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද්හි යුද්ධ කරන්නට ගියේ ය. සිරියන්වරු ජෝරාම්ට තුවාළ කළෝ ය.
මෙසේ නිම්ෂිගේ පුත් ජෙහෝෂාපාට්ගේ පුත්‍ර වන ජේහු, ජෝරාම්ට විරුද්ධ ව කුමන්ත්‍රණය කෙළේ ය. එකල ජෝරාම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද් මුර කරමින් සිටියහ.
මෙලෙස රූබන්ගේ ගෝත්‍රය සඳහා පාළුකරයෙහි තැනිතලා භූමියෙහි පිහිටි බෙශෙර් නගරය ද ගාද්ගේ ගෝත්‍රය සඳහා ගිලියද් දේශයේ රාමොත් නගරය ද මනස්සේගේ ගෝත්‍රය සඳහා බාෂාන් ප්‍රදේශයේ ගෝලාන් නගරය ද ඇති විය.
ජෙරිකෝවට නැගෙනහිරෙන් ජොර්දානෙන් එගොඩ රූබන් ගෝත්‍රයෙන් උස් සමභූමියේ පාළුකරයේ තිබෙන බෙශෙර් ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත් ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන් ද ඔව්හු වෙන් කොට තැබුවෝ ය.
ගාද්ගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ ඒ අවට තණ බිම් ද මහනයිම් සහ ඒ අවට තණ බිම් ද
“සම්සොන් මෙහි අවුත් සිටී ය”යි ගාසා වැසියන්ට දන්වන ලද්දේ ය. එවිට ඔව්හු සම්සොන් වට කොට ඔහු අල්ලන පිණිස නුවර දොරටුව ළඟ රාත්‍රිය මුළුල්ලෙහි රැක සිටියෝ ය. “පහන් වනතුරු අපි සිටිමු. එවිට අපි ඔහු මරන්නෙමු”යි රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චල ව සිටියෝ ය.
ඔව්හු පිළිතුරු දෙමින්, “අපි පිටත් වී ගොස් ඔවුන්ට පහර දෙමු. මන්ද, ඒ රට ඉතා යහපත් බව අපි දුටිමු. කිසිත් නොකර මෙහි සිටින්නේ මන් ද? ඒ රටට ඇතුළු වී එය හිමි කරගන්න පිණිස යන්නට මැළි නොවන්න.