ආසා මරණයට පත් වූ පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ භූමදාන කරනු ලැබී ය. ඔහුගේ පුත්‍ර වූ ජෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ විය.
1 රාජාවලිය 22:2 - Sinhala New Revised Version 2018 තුන් වන අවුරුද්දේ ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ඉශ්රායෙල් රජු ළඟට පැමිණියේ ය. Sinhala New Revised Version තුන් වන අවුරුද්දේ ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ඉශ්රායෙල් රජු ළඟට පැමිණියේ ය. Sinhala Revised Old Version තුන්වෙනි අවුරුද්දේ යූදාහි රජවූ යෙහෝෂාපාට් ඉශ්‍රායෙල් රජු ළඟට ආයේය. |
ආසා මරණයට පත් වූ පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ භූමදාන කරනු ලැබී ය. ඔහුගේ පුත්‍ර වූ ජෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ විය.
ඉශ්රායෙල් රජ වන ආහබ්ගේ සතර වන අවුරුද්දේ දී ආසාගේ පුත් ජෙහෝෂාපාට් තෙමේ ජුදාහි රජ විය.
ආහබ්ගේ වංශය කළ පරිදි ඔහු ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, ඔහු ආහබ්ගේ දුව සරණ පාවාගෙන සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
ජෝනා තල්මසාගේ උදරයෙහි දහවල් තුනක් ද රෑ තුනක් ද සිටියාක් මෙන්, මනුෂ්‍ය-පුත්‍රයාණන් ද පොළෝ ගැබෙහි දාවල් තුනක් ද රෑ තුනක් ද සිටිනු ඇත.
එවක් පටන් ජේසුස් වහන්සේ, තමන් ජෙරුසලමට වැඩම කර, ප්‍රජා මූලිකයන්ගෙන් හා නායක පූජකයන්ගෙන් ද විනයධරයන්ගෙන් ද බොහෝ දුක් වේදනා විඳින්ටත් මරනු ලබන්ටත්, තුන් වන දා උත්ථාන කරනු ලබන්ටත් යන බව සිය ශ්‍රාවකයන්ට දන්වන්න පටන්ගත් සේක.