එවිට උන් වහන්සේ, “නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක.
1 රාජාවලිය 21:19 - Sinhala New Revised Version 2018 නුඹ ඔහුට කතා කොට, ‘නුඹ ඒ වත්ත මිනී මරා අයිති කරගත්තෙහි දැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. තවද, ‘බල්ලෝ යම් තැනක දී නාබොත්ගේ ලේ ලෙවකෑවෝ ද එතැන්හි දී බල්ලෝ නුඹේ ලේ එසේ ය, නුඹේ ම ලේත් ලෙවකන්නෝ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි කී ය. Sinhala New Revised Version නුඹ ඔහුට කතා කොට, ‘නුඹ ඒ වත්ත මිනී මරා අයිති කරගත්තෙහි දැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. තවද, ‘බල්ලෝ යම් තැනක දී නාබොත්ගේ ලේ ලෙවකෑවෝ ද එතැන්හි දී බල්ලෝ නුඹේ ලේ එසේ ය, නුඹේ ම ලේත් ලෙවකන්නෝ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි කී ය. Sinhala Revised Old Version නුඹ ඔහුට කථාකොට–නුඹ මිනීමරා අයිතිකරගත්තෙහිදැයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න. තවද–බල්ලෝ යම් තැනකදී නාබොත්ගේ ලේ ලෙවකෑවෝද එතැන්හිදී බල්ලෝ නුඹේ ලේ, එසේය නුඹේ ලේත් ලෙවකන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක. |
එවිට උන් වහන්සේ, “නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹට විරුද්ධ ව නුඹේ ම පවුලෙන් විපත්තිය උපදවා, නුඹේ ඇස් ඉදිරියෙහි නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වැසියෙකුට දෙන්නෙමි. ඔහු එළිමහනෙහි නුඹේ භාර්යාවන් සමඟ සේවනයේ යෙදෙන්නේ ය.
නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමෙන් උන් වහන්සේගේ වචනය සුළු කොට සිතුවේ කුමක් නිසා ද? නුඹ හිත්තීය ජාතික උරියා කඩුවෙන් නසා, ඔහුගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත්තෙහි ය. නුඹ අම්මොන්වරුන් ලවා ඔහු කඩුවෙන් මැරෙව්වෙහි ය.
තවද, ඔව්හු සමාරියේ පොකුණෙන් රථය සේදූ හ. සමිඳාණන් වහන්සේ වදාළ වචනය හැටියට බල්ලෝ ඔහුගේ ලේ ලෙවකෑහ. වේශ්‍යාවෝ එහි ස්නානය කළහ.
එබැවින් සමිඳාණන් වහන්සේ ආහබ්ගේ වංශයට විරුද්ධ ව වදාළ තමන්ගේ වචනයෙන් කිසිවක් නිෂ්ඵල නොවන බව දැනගන්න. සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ එලියා ලවා කියෙවූ දේ ඉෂ්ට කළ සේකැ”යි කී ය.
තවද, ඒ ලියුම ඔවුන්ට ලැබුණු කල ඔව්හු රජුගේ පුත්‍රයන් අල්ලා, හැත්තෑදෙනෙකු වූ ඔවුන් මරා, ඔවුන්ගේ හිස් පැස්වල දමා ජෙශ්‍රෙයෙල්හි ඔහු වෙත යැවුවෝ ය.
එලිෂා ප්‍රජා මූලිකයන් සමඟ තමාගේ ගෙදර වාඩි වී සිටියේ ය. එවිට රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවී ය. එහෙත්, පණිවුඩකාරයා ඔහු ළඟට එන්න පළමුවෙන් එලිෂා ප්‍රජා මූලිකයන්ට කතා කොට, “අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්න කෙනෙකු එවූ බව ඔබට පෙනේ ද? ඔබ බලා සිට පණිවුඩකාරයා ආ විට, ඔහුට ඇතුළු වන්න ඉඩ නොදී, දොර වසා එය තද කරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද් දැ?”යි ඇසී ය.
එවිට ඔබේ පාද ඔවුන්ගේ ලෙයින් සෝදාගත හැකි වන්නේ ය; ඔබේ බල්ලෝ සතුරන්ගේ ලේ ඕනෑ පමණ ලෙව කන්නෝ ය.”
සමිඳුනි, මට කරුණා කළ මැනව. සතුරන්ගෙන් වූ මාගේ දැඩි දුක සලකාලුව මැනව. මරු මුවෙන් මා වෙන් කරගත මැනව.
සෙනඟ ඔවුන්ගේ උරුම කොටස්වලින් අහක් කරන හැටියට අධිපතියා ඔවුන්ගේ උරුමයෙන් කිසිවක් නොගනී වා. මගේ සෙනඟ තම තමන්ගේ උරුම කොටස්වලින් පන්නාදමනු නොලබන පිණිස තමාගේ ම කොටසෙන් තමාගේ ම පුත්‍රයන්ට උරුමයක් දේ වා!”
නුඹලා අපරාධයෙන් නුවරක් ද මිනීමැරීමෙන් නගරයක් ද ගොඩනඟාගෙන ඇති බැවින් නුඹලාට වන විපතක මහත!
තමාගේ නිවෙස උස් තැනක සාදන පිණිස ද උපද්‍රවයෙන් මිදෙන පිණිස ද සිය වංශයේ වාසිය පිණිස සෙස්සන් සූරාකන තැනැත්තාට වන විපතක මහත!
ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ.
අදොනි-බෙශෙක් කතා කොට, “අත්පාවල මාපටැඟිලි කපාදමන ලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසයෙන් වැටෙන කෑම ඇහිඳ ගත්තෝ ය; මා ඔවුන්ට කළ ලෙස දෙවියන් වහන්සේ මට ප්‍රතිවිපාක දුන් සේකැ”යි කීවේ ය. ඔව්හු ඔහු ජෙරුසලමට ගෙන ගියෝ ය. ඔහු එහි දී මළේ ය.