දිවැසිවරුන්ගේ කණ්ඩායමෙන් එක්තරා මිනිසෙක් සමිඳාණන් වහන්සේගේ අණ පරිදි තමාගේ සහකාරයාට කතා කොට, “මට ගසන්නැ”යි කී ය. එහෙත්, ඒ මිනිසා ඔහුට ගසන්න අකමැති විය.
1 රාජාවලිය 20:37 - Sinhala New Revised Version 2018 තවත් මිනිසෙකු ඔහුට සම්බ වී, “මට ගසාපන්නැ”යි ඔහු කීවේ ය. ඒ මිනිසා ඔහුට ගසා, එසේ ගැසීමෙන් තුවාළ කෙළේ ය. Sinhala New Revised Version තවත් මිනිසෙකු ඔහුට සම්බ වී, “මට ගසාපන්නැ”යි ඔහු කීවේ ය. ඒ මිනිසා ඔහුට ගසා, එසේ ගැසීමෙන් තුවාළ කෙළේ ය. Sinhala Revised Old Version තවත් මනුෂ්‍යයෙකුට ඔහු සම්මුඛවී: මට ගසන්නැයි කීවේය. ඒ මනුෂ්‍යයා ඔහුට ගසා, එසේ ගැසීමෙන් තුවාලකෙළේය. |
දිවැසිවරුන්ගේ කණ්ඩායමෙන් එක්තරා මිනිසෙක් සමිඳාණන් වහන්සේගේ අණ පරිදි තමාගේ සහකාරයාට කතා කොට, “මට ගසන්නැ”යි කී ය. එහෙත්, ඒ මිනිසා ඔහුට ගසන්න අකමැති විය.
එවිට ඔහු, “ඔබ සමිඳාණන් වහන්සේගේ අණට කීකරු නොවූ නිසා මා ළඟින් අහක් ව ගිය කෙණෙහි ම සිංහයෙක් ඔබ මරන්නේ ය”යි කීවේ ය. ඔහු අහක් ව ගිය කෙණෙහි ම සිංහයෙක් ඔහුට සම්බ වී ඔහු මැරුවේ ය.
එවිට දිවැසිවරයා පිටත් ව තමාගේ හිස්වැස්මෙන් ඇස් බැඳගෙන, වෙස්මාරු කරගෙන, රජු එනතෙක් මඟ බලා සිටියේ ය.