Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 20:38 - Sinhala New Revised Version 2018

38 එවිට දිවැසිවරයා පිටත් ව තමාගේ හිස්වැස්මෙන් ඇස් බැඳගෙන, වෙස්මාරු කරගෙන, රජු එනතෙක් මඟ බලා සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 එවිට දිවැසිවරයා පිටත් ව තමාගේ හිස්වැස්මෙන් ඇස් බැඳගෙන, වෙස්මාරු කරගෙන, රජු එනතෙක් මඟ බලා සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

38 එවිට ප්‍රොපේත තෙම පිටත්ව තමාගේ හිස්කඩ ඇස් වසා බැඳ, වෙස්මාරුකරගන, රජ එන තෙක් මග බලා සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 20:38
6 හුවමාරු යොමු  

ජෙරොබෝවම් තම බිරිඳට කතා කොට, “ඔබ ජෙරොබෝවම්ගේ බිරිඳ බව නොදැනෙන හැටියට කරුණාකර, වෙස් වළාගෙන පිටත් වී ෂිලෝ නම් ස්ථානයට යන්න. ‘ඔබ මේ සෙනඟ කෙරෙහි රජ වන්නේ ය’යි මා ගැන කී අහියා දිවැසිවරයා එහි සිටියි.


“ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දොම්නස් මුහුණු ඇති ව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු මුහුණු විරූප කරගනිති. සැබැවින් ම මම ඔබට කියමි; ඔවුන්ගේ පල විපාක දැනට ම ඔවුන්ට ලැබී ඇත.


ඉශ්රායෙල් රජ ජෙහෝෂාපාට්ට කතා කොට, “මම වෙස් වළාගෙන යුද්ධයට පැමිණෙමි. එහෙත්, ඔබ ඔබේ ම වස්ත්‍ර පැළඳගත මැනවැ”යි කීවේ ය. එසේ ඉශ්රායෙල් රජ වෙස් වළාගෙන යුද්ධයට ගියේ ය.


එවිට තෙකෝවායෙන් කපටි ස්ත්‍රියක ගෙන්වාගෙන ඈට කතා කොට, “ඔබ වැලපෙන්නියක මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නො‍ගා, මියගිය කෙනෙකු ගැන බොහෝ කල් වැලපෙන ස්ත්‍රියක මෙන් වී,


තවත් මිනිසෙකු ඔහුට සම්බ වී, “මට ගසාපන්නැ”යි ඔහු කීවේ ය. ඒ මිනිසා ඔහුට ගසා, එසේ ගැසීමෙන් තුවාළ කෙළේ ය.


එවිට ඔහු වහා ම හිස්වැස්ම තමාගේ ඇස්වලින් ඉවත් කෙළේ ය. එවිට ඔහු දිවැසිවරයෙකු බව ඉශ්රායෙල් රජ හැඳිනගත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්