එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්,
1 රාජාවලිය 20:1 - Sinhala New Revised Version 2018 සිරියාවේ රජ වන බෙන්-හදද් සිය මුළු සේනාව රැස් කොට, තවත් රජවරුන් තිස්දෙදෙනෙකු ද අශ්වයන් ද අශ්වරථ ද සමඟ අවුත් සමාරිය වටලා ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. Sinhala New Revised Version සිරියාවේ රජ වන බෙන්-හදද් සිය මුළු සේනාව රැස් කොට, තවත් රජවරුන් තිස්දෙදෙනෙකු ද අශ්වයන් ද අශ්වරථ ද සමඟ අවුත් සමාරිය වටලා ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. Sinhala Revised Old Version තවද සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගන තවත් රජවරුන් තිස්දෙදෙනෙක්ද අශ්වයන්ද රථද ඇතුව ඇවිත් සමාරිය වටලාගන ඊට විරුද්ධව යුද්ධකෙළේය. |
එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්,
එවිට බෙන්-හදද්, ආසා රජුට ඇහුම්කන් දී, තමාගේ සෙන්පතීන් ඉශ්රායෙල්වරුන්ගේ නගරවලට විරුද්ධ ව යවා ඊයොන් ද දාන් සහ ආබෙල්-බෙත්-මයකා ද යන නගරවලටත්, මුළු නප්තලී ප්‍රදේශය ඇතුළු මුළු කින්නරෝත් පළාතටත් පහර දුන්නේ ය.
ඔහු සමාරිය කන්ද රිදී කාසි හයදහසකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි නගරයක් ගොඩනඟා, තමා ගොඩනැඟුවාවූ නගරයට කන්ද අයිතිකරු වූ ෂෙමෙර්ගේ නාමය අනුව සමාරිය යන නම තැබී ය.
ඉර මුදුන් වේලේ ඔව්හු පිටතට ගියෝ ය. එහෙත්, බෙන්-හදද් වනාහි තමාට උපකාර කරන රජවරුන් තිස්දෙනා සමඟ මත් වන තරමට මිදියුස පානය කරමින් කූඩාරම්වල සිටියේ ය.
මෙලෙස කළ යුතු ය. රජවරුන් තම තමන්ගේ ස්ථානවලින් ඉවත් කොට, ඔවුන් වෙනුවට සේනාපතීන් සිටුවා,
සිරියාවේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කතා කොට, “ඔබ ඉශ්රායෙල් රජුට විරුද්ධ ව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධ ව සටන් නොකරන්නැ”යි අණ කර තිබිණි.
සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “අසවල්, අසවල් තැන මාගේ කඳවුරු විය යුතු ය”යි කී ය.
ඔහු විසින් මළ කෙනෙකු ජීවත් කරනු ලැබූ සැටි රජුට කියන විට ම බලන්න, එසේ ඔහු විසින් නැවත පණ දෙන ලද ළමයාගේ මවු තමාගේ ගෙය සහ ඉඩම ගැන රජුට පැමිණිලි කරමින් සිටියා ය. ගෙහාසී කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මේ සිටින්නේ ඒ ස්ත්‍රිය ය; මේ සිටින්නේ එලිෂා විසින් නැවත පණ දෙන ලද ඇගේ පුත්‍රයා ය”යි කී ය.
“රාජාධිරාජ අර්තක්ෂස්තා වන මම ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ නීතිවේදියෙකු ව සිටින පූජක එස්රා වෙත ලියා එවමි.
තවද, ඔහුගේ විශේෂ යුද්ධ රථ හයසියයක් ද, මිසරයේ සියලු ම යුද්ධ රථ ද ඔහු සමඟ ගමන් ගත්තේ ය. ඒ සෑම රථයක ම යුද සෙනෙවියෝ සිටියහ.
නුඹේ රථ වාහන මඟින් නුඹ උස් කඳු, ලෙබනොන් කන්ද, ලෙබනොන් කන්දේ මුදුන පවා, අල්ලාගත්තෙහි යයි මා ඉදිරියේ නුඹේ සේවකයන් ලවා පුරසාරම් දෙඩෙව්වෙහි ය. එහි උස් වූ කිහිරි ගස් හා අනගි දේවදාර ගස් නුඹ කපාදැම්මෙහි යයි ද කඳු මුදුන්වලට හා වනාන්තරවල ඉතා දුර තැන්වලට නුඹ ගියෙහි යයි ද ආඩම්බරයෙන් කීවෙහි ය.
කුමක් නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. “මෙන්න, මම රාජාතිරාජ වන බබිලෝනියේ රජ වන නෙබුකද්නෙශර් අසුන් සහ රථ ද අසරුවන් සහ සමූහයන් ද බොහෝ සෙනඟ ද ඇති ව උතුරෙන් තීර්ට විරුද්ධ ව පමුණුවන්නෙමි.
මාගේ ගිවිසුම කඩ කළ නිසා දඬුවම් කරනු පිණිස නුඹලාගේ රටට යුද්ධයක් පමුණුවනු ලැබේ. නුඹලා නගරවල එක් රැස් වී සිටින විට මම නුඹලා අතරට වසංගත පමුණුවන්නෙමි. නුඹලාගේ සතුරන්ගේ බලයට නුඹලා පාවා දෙනු ලබන්නහු ය.
“ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගොස්, අශ්වයන් සහ රථ ද ඔබට වඩා ගණනින් විශාල සේනාවක් ද දකින විට, ඔවුන්ට බිය නොවන්න. ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක.
ඔබ විශ්වාස තැබූ, උස, ශක්ති සම්පන්න රට පුරා ඇති ප්‍රාකාර බිඳ වැටෙන තුරු සතුරෝ ඔබේ නගර වටලන්නෝ ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් රට පුරා තිබෙන ඔබේ නගර සියල්ල ම ඔව්හු වටලන්නෝ ය.
අදොනි-බෙශෙක් කතා කොට, “අත්පාවල මාපටැඟිලි කපාදමන ලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසයෙන් වැටෙන කෑම ඇහිඳ ගත්තෝ ය; මා ඔවුන්ට කළ ලෙස දෙවියන් වහන්සේ මට ප්‍රතිවිපාක දුන් සේකැ”යි කීවේ ය. ඔව්හු ඔහු ජෙරුසලමට ගෙන ගියෝ ය. ඔහු එහි දී මළේ ය.
ඔහුට යකඩ රථ නවසියයක් තිබිණි. ඔහු ඉශ්රායෙල් සෙනඟට විසි අවුරුද්දක් තුළ බලවත් ලෙස පීඩා කෙළේ ය. එබැවින් ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය.
පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් සමඟ යුද්ධ කරන පිණිස රථ තිස්දහසක් ද අසරුවන් හයදහසක් ද මූදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල සෙනඟක් ද ඇතිව රැස් වී අවුත්, බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝ ය.