Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 20:24 - Sinhala New Revised Version 2018

24 මෙලෙස කළ යුතු ය. රජවරුන් තම තමන්ගේ ස්ථානවලින් ඉවත් කොට, ඔවුන් වෙනුවට සේනාපතීන් සිටුවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 මෙලෙස කළ යුතු ය. රජවරුන් තම තමන්ගේ ස්ථානවලින් ඉවත් කොට, ඔවුන් වෙනුවට සේනාපතීන් සිටුවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 මෙසේ කරන්ට ඕනෑය; රජවරුන් තම තමුන්ගේ ස්ථානවලින් අහක්කර, ඔවුන් වෙනුවට සේනාපතියන් සිටවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 20:24
6 හුවමාරු යොමු  

සිරියාවේ රජ වන බෙන්‍-හදද් සිය මුළු සේනාව රැස් කොට, තවත් රජවරුන් තිස්දෙදෙනෙකු ද අශ්වයන් ද අශ්වරථ ද සමඟ අවුත් සමාරිය වටලා ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.


ඉර මුදුන් වේලේ ඔව්හු පිටතට ගියෝ ය. එහෙත්, බෙන්‍-හදද් වනාහි තමාට උපකාර කරන රජවරුන් තිස්දෙනා සමඟ මත් වන තරමට මිදියුස පානය කරමින් කූඩාරම්වල සිටියේ ය.


තවද, සිරියාවේ රජුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඔවුන්ගේ දෙවියෝ කඳුවල දෙවි කෙනෙකි. එබැවින් ඔව්හු අපට වඩා බලවත් වූවෝ‍ ය. එහෙත්, සම භූමියෙහි අපි ඔවුන්ට විරුද්ධ ව සටන් කරමු නම්, අපි සැබැවින් ම ඔවුන් පරාජය කරන්නෙමු.


නැති වූ ඔබේ සේනාව හා සමාන සේනාවක් ද අශ්වයන් හා සමාන අශ්වයන් ද අශ්ව රථ හා සමාන අශ්ව රථ ද ගණන් කරගත මැනව. එවිට අපි සම භූමියෙහි ඔවුන්ට විරුද්ධ ව සටන් කරන්නෙමු නම්, අපි සැබැවින් ම ඔවුන් පරාජය කරන්නෙමු”යි කී හ. ඔහු ද ඔවුන්ගේ හඬට ඇහුම්කන් දී එසේ කෙළේ ය.


සිරියාවේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කතා කොට, “ඔබ ඉශ්රායෙල් රජුට විරුද්ධ ව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධ ව සටන් නොකරන්නැ”යි අණ කර තිබිණි.


ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්