ෂිමෙයි නැඟිට තම කොටළුවාට සෑදලය යොදා තම වහලුන් සොයන්නට ගාත්හි ආකීෂ් වෙත ගියේ ය. මෙසේ ෂිමෙයි ගොස් ගාත්හි සිටි තම වහලුන් ගෙනාවේ ය.
1 රාජාවලිය 2:41 - Sinhala New Revised Version 2018 ෂිමෙයි ජෙරුසලමෙන් ගාත් නුවරට ගොස් ආපසු ආ බව සලමොන් රජු හට දන්වන ලදී. Sinhala New Revised Version ෂිමෙයි ජෙරුසලමෙන් ගාත් නුවරට ගොස් ආපසු ආ බව සලමොන් රජු හට දන්වන ලදී. Sinhala Revised Old Version ෂිමෙයි යෙරුසලමෙන් ගාත්ට ගොස් දෙවනු ආ බව සාලමොන්ට දන්වනලද්දේය. |
ෂිමෙයි නැඟිට තම කොටළුවාට සෑදලය යොදා තම වහලුන් සොයන්නට ගාත්හි ආකීෂ් වෙත ගියේ ය. මෙසේ ෂිමෙයි ගොස් ගාත්හි සිටි තම වහලුන් ගෙනාවේ ය.
එවිට ඔහු ෂිමෙයි වෙත පණිවුඩයක් යවා ඔහු කැඳවා, ඔහුට කතා කොට, “ ‘ඔබ කොහේ නමුත් පිටතට ගිය දවසේ දී නසිනවා ම ඇතැ යි දැනගන්න’ කියා, මා ඔබට සහතික කොට ඔබ සමිඳාණන් වහන්සේගේ නම කියා දිවුරෙවුවා නොවේ ද? ඔබ ද, ‘මා ඇසූ කීම යහපතැ’යි මට කීවෙහි ය.