ඉන්පසු රජ තෙම ඔහු වෙනුවට සේනාවේ අධිපති කොට ජෙහෝයාදාගේ පුත් බෙනායා ද අබියාතර් වෙනුවට පූජක ශාදොක් ද පත් කෙළේ ය.
1 රාජාවලිය 2:27 - Sinhala New Revised Version 2018 මෙසේ කියා ෂිලෝහි දී ඒලීගේ වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය සම්පූර්ණ වන ලෙස, සලමොන් උන් වහන්සේගේ පූජක ධුරයෙන් අබියාතර් පහකෙළේ ය. Sinhala New Revised Version මෙසේ කියා ෂිලෝහි දී ඒලීගේ වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය සම්පූර්ණ වන ලෙස, සලමොන් උන් වහන්සේගේ පූජක ධුරයෙන් අබියාතර් පහකෙළේ ය. Sinhala Revised Old Version මෙසේ ෂීලෝහිදී ඒලීගේ වංශය ගැන ස්වාමීන්වහන්සේ කී වචනය සම්පූර්ණවෙන ලෙස ස්වාමීන්වහන්සේගේ පූජකකමෙන් සාලමොන් අබියාතර් පහකෙළේය. |
ඉන්පසු රජ තෙම ඔහු වෙනුවට සේනාවේ අධිපති කොට ජෙහෝයාදාගේ පුත් බෙනායා ද අබියාතර් වෙනුවට පූජක ශාදොක් ද පත් කෙළේ ය.
මේ සියල්ල සිදුවූයේ දිවැසිවරයන්ගේ ලියවිලි ඉෂ්ට වන පිණිස ය”යි වදාළ සේක. එවිට ශ්‍රාවකයෝ සියල්ලෝ ම උන් වහන්සේ අත්හැර පලා ගියහ.
එසේ සිදුවූයේ: “සමිඳාණෙනි, අපේ පුවත විශ්වාස කෙළේ කවරෙක් ද? සමිඳාණන්ගේ බලය කවරෙකුට ප්‍රකාශ කරන ලද්දේ ද?” යනුවෙන්, යෙසායා දිවැසිවරයා කී වචන ඉටු වන පිණිස ය.
එබැවින් ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි මෙය නොඉරා, කවරෙකුට වැටේ ද කියා දාදු දමා බලමු”යි කී හ. මෙසේ වූයේ: “මාගේ වස්ත්‍ර ඔව්හු තම තමන් අතර බෙදාගත්හ; මාගේ සළුව පිණිස දාදු දැමූ හ” යන ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණිස ය. එබැවින් හේවායෝ මෙසේ කළහ.
ඉන්පසු ජේසුස් වහන්සේ සියල්ල නිමාවට පත් වූ බව දැන, ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස, “මට පිපාස ය”යි වදාළ සේක.
ඉශ්රායෙල් ජනයාගේ මුළු සභාව ෂිලෝහි රැස් ව සම්මුඛ මණ්ඩපය එහි ඉදි කළෝ ය. මුළු දේශය දැන් ඔවුන්ට යටත් ව තිබුණේ ය.
එහෙත්, අහිතුබ්ගේ පුත්‍රයා වන අහිමෙලෙක්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ අබියාතර් දාවිත් වෙත පලා ගියේ ය.