ඉන්පසු දාවිත් තමාගේ බිරිඳ වන බැත්-ෂෙබා සනසා, ඈ ළඟට පැමිණ, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ පුතෙකු ලැබුවා ය. සලමොන් යන නම දාවිත් ඔහුට තැබුවේ ය. සමිඳාණන් වහන්සේ දරුවාට ප්‍රේම කළ සේක.
1 රාජාවලිය 2:15 - Sinhala New Revised Version 2018 එවිට ඔහු කතා කරමින්, “රාජ්‍යය මට ලැබෙන්නට තිබුණු බවත්, මා රජකම් කරනු ඇත කියා සියලු ඉශ්රායෙල්වරුන් මා ගැන බලා සිටි බවත් ඔබ දන්නෙහි ය. එහෙත්, රජකම වෙනස් වී මාගේ සහෝදරයාට එය අත් විය. මන්ද, එය ඔහුට සමිඳාණන් වහන්සේගෙන් ලැබුණු බැවිනි. Sinhala New Revised Version එවිට ඔහු කතා කරමින්, “රාජ්‍යය මට ලැබෙන්නට තිබුණු බවත්, මා රජකම් කරනු ඇත කියා සියලු ඉශ්රායෙල්වරුන් මා ගැන බලා සිටි බවත් ඔබ දන්නෙහි ය. එහෙත්, රජකම වෙනස් වී මාගේ සහෝදරයාට එය අත් විය. මන්ද, එය ඔහුට සමිඳාණන් වහන්සේගෙන් ලැබුණු බැවිනි. Sinhala Revised Old Version එවිට ඔහු: රාජ්‍යය මට ලැබෙන්නට තිබුණු බවත් මා රජකම්කරනවා ඇත කියා සියලු ඉශ්රායෙල්වරුන් මා ගැන බලා සිටිය බවත් නුඹ දන්නෙහිය. නුමුත් රජකම වෙනස්වී මාගේ සහෝදරයාට ගියේය. මක්නිසාද ඒක ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ලැබුණේය. |
ඉන්පසු දාවිත් තමාගේ බිරිඳ වන බැත්-ෂෙබා සනසා, ඈ ළඟට පැමිණ, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ පුතෙකු ලැබුවා ය. සලමොන් යන නම දාවිත් ඔහුට තැබුවේ ය. සමිඳාණන් වහන්සේ දරුවාට ප්‍රේම කළ සේක.
පණිවුඩකාරයෙක් දාවිත් කරා පැමිණ, “ඉශ්රායෙල් මිනිසුන්ගේ සිත් අබ්සලොම් දෙසට ඇදී ගොස් ඇතැ”යි කී ය.
විනිශ්චය පිණිස රජු ළඟට පැමිණි සියලු ඉශ්රායෙල්වරුන්ට අබ්සලොම් මෙලෙස කර ඔවුන්ගේ සිත් දිනාගත්තේ ය.
හූෂයි ද, “එසේ නොවේ; සමිඳාණන් වහන්සේ ද මේ සෙනඟ ද සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයන් ද විසින් තෝරාගන්නා ලද තැනැත්තාට එකතු ව මම ඔහු සමඟ සිටිමි.
දෙවැනියා කර්මෙලීය නාබල්ගේ බිරිඳ ව සිටි අබිගායිල්ගෙන් උපන් කිලෙයාබ් ය; තුන්වැනියා ගෙෂූර්හි රජ වූ තලමයිගේ දුව වන මයකාගේ පුත් අබ්සලොම් ය;
නුඹේ ආයු කාලය සම්පූර්ණ වී නුඹේ පියවරුන් සමඟ සැතපුණ කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව රජකමට නංවා ඔහුගේ රාජ්‍යයෙහි ඔහු ස්ථිර කරන්නෙමි.
මන්ද, ඔහු අද ගොස් හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද ඔබේ හමුදා සෙන්පති ජෝවාබ් ද පූජක අබියාතර් ද කැඳෙව්වේ ය. ඔව්හු ඔහු ඉදිරියෙහි ආහාර පාන වළඳා, ‘අදොනියා රජු සැරදේ’ කියා කියති.
මෙසේ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජොහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරු ද පෙලෙතිවරු ද ගොස්, දාවිත් රජුගේ කොටළුවා පිට සලමොන් නංවාගෙන ගීහොන් නම් ස්ථානයට පැමිණියහ.
ශාදොක් පූජකවරයා මණ්ඩපයෙන් තෙල් කුලාව රැගෙන ගොස් සලමොන් අභිෂේක කෙළේ ය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝ ය. මුළු සෙනඟ ද, “සලමොන් රජු සැරදේ වා”යි කීවෝ ය.
එකල හග්ගිත්ගේ පුත් අදොනියා, “මම රජ වෙමි”යි තමා ම උසස් කරගෙන රථ ද අසරුවන් ද තමාට පෙරටුවෙන් දුවන පිණිස මිනිසුන් පනස්දෙනෙකු ද සපයාගත්තේ ය.
ඉතින් මම එක දෙයක් ඔබෙන් ඉල්ලමි. එය ප්‍රතික්ෂේප නොකරන්නැ”යි කීවේ ය. ඈ ද, “එය කියන්නැ”යි ඔහුට කීවා ය.
සලමොන් උත්තර දෙමින්, “ඔබ අදොනියා උදෙසා ෂුනම්මීය අබිෂග් නම් කාන්තාව ඉල්ලන්නේ මන් ද? රජකමත් ඔහු උදෙසා ඉල්ලන්න. මන්ද, ඔහු මාගේ වැඩිමහල් සහෝදරයා ය. පූජක අබියාතර් සහ ශෙරුයාගේ පුත් ජෝවාබ් ද ඔහුගේ පැත්ත ගෙන තිබෙන්නේ ය”යි තම මවට කීවේ ය.