Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 2:15 - Sinhala Revised Old Version

15 එවිට ඔහු: රාජ්‍යය මට ලැබෙන්නට තිබුණු බවත් මා රජකම්කරනවා ඇත කියා සියලු ඉශ්‍රායෙල්වරුන් මා ගැන බලා සිටිය බවත් නුඹ දන්නෙහිය. නුමුත් රජකම වෙනස්වී මාගේ සහෝදරයාට ගියේය. මක්නිසාද ඒක ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ලැබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එවිට ඔහු කතා කරමින්, “රාජ්‍යය මට ලැබෙන්‍නට තිබුණු බවත්, මා රජකම් කරනු ඇත කියා සියලු ඉශ්රායෙල්වරුන් මා ගැන බලා සිටි බවත් ඔබ දන්නෙහි ය. එහෙත්, රජකම වෙනස් වී මාගේ සහෝදරයාට එය අත් විය. මන්ද, එය ඔහුට සමිඳාණන් වහන්සේගෙන් ලැබුණු බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එවිට ඔහු කතා කරමින්, “රාජ්‍යය මට ලැබෙන්‍නට තිබුණු බවත්, මා රජකම් කරනු ඇත කියා සියලු ඉශ්රායෙල්වරුන් මා ගැන බලා සිටි බවත් ඔබ දන්නෙහි ය. එහෙත්, රජකම වෙනස් වී මාගේ සහෝදරයාට එය අත් විය. මන්ද, එය ඔහුට සමිඳාණන් වහන්සේගෙන් ලැබුණු බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 2:15
19 හුවමාරු යොමු  

මක්නිසාද ඔහු අද බැස ගොස් හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද සේනාපතීන්ද පූජකවූ අබියාතර්ද කැඳෙවුවේය; ඔව්හු ඔහු ඉදිරියෙහි කා බී–අදොනියා රජු සැරදේවයි කියති.


එකල හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා: මම රජවෙමියි කියා තමාම උසස්කරගෙන රථද අසරුවන්ද තමාට පෙරටුව දුවන පිණිස මනුෂ්‍යයන් පනස්දෙනෙක්ද සපයාගත්තේය.


ගැඹුරුවූ රහස්වූ කාරණා එළිදරව්කරන්නෙත් අන්ධකාරයෙහි තිබෙන දේවල් දන්නෙත් උන්වහන්සේය, ආලෝකයද උන්වහන්සේ සමඟ වාසයකරන්නේය.


ස්වාමීන්වහන්සේට විරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත.


හූෂයිද: එසේ නොවෙයි; ස්වාමීන්වහන්සේද මේ සෙනඟද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ද විසින් තෝරාගත් තැනැත්තාට මම එකතුව ඔහු සමඟ සිටින්නෙමි.


නුඹේ දවස් සම්පූර්ණවී නුඹේ පියවරුන් සමඟ නුඹ සැතපුණු කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ බීජය නුඹට පසුව පිහිටුවා ඔහුගේ රජකම ස්ථිරකරන්නෙමි.


පණිවිඩකාරයෙක් දාවිත් කරා ඇවිත්: ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් අබ්සලොම් දෙසට හැරීගියේයයි කීවේය.


විනිශ්චය පිණිස රජු ළඟට ආ සියලු ඉශ්‍රායෙල්වරුන්ට අබ්සලොම් මෙයාකාර කොට, හොරෙන් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් දිනා ගත්තේය.


පසුව දාවිත් තමාගේ භාර්යාවවූ බැත්-ෂෙබා සනසා ඈ ළඟට පැමිණ ඈ සමඟ සයනයකෙළේය. ඈ පුත්‍රයෙකු බිහිකළාය, ඔහු සාලමොන් යන නාමය ඔහුට තැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ප්‍රේමකළසේක;


ඔහුගේ දෙවෙනියා කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටියාවූ අබිගායිල්ගෙන් උපන් කිලෙයාබ්ය; තුන්වෙනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුවවූ මයකාගේ පුත්‍රවූ අබ්සලොම්ය;


සතරවෙනියා හග්ගිත්ගේ පුත්‍රවූ අදොනියාය; පස්වෙනියා අබිටල්ගේ පුත්‍රවූ ෂෙපටියාය;


මෙසේ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුද පෙලෙතිවරුද බැස ගොස් දාවිත් රජුගේ අශ්වතරයා පිට සාලමොන් නංවාගන ගීහොන්ට ගියෝය.


තවද ඔහු: නුඹට කාරණයක් කියන්ට මට තිබේයයි කීවේය. කියන්නැයි ඈ කීවාය.


ඉතින් මම එක ඉල්ලීමක් නුඹෙන් ඉල්ලා සිටිමි, ඒක ඉෂ්ට නොකර නොසිටින්නැයි කීවේය. ඈද: කියන්නැයි ඔහුට කීවාය.


සාලමොන් රජ උත්තරදෙමින්; නුඹ අදොනියා උදෙසා ෂුනම්මිය අබිෂග් ඉල්ලන්නේ මන්ද? රජකමත් ඔහු උදෙසා ඉල්ලුව මැනවි; මක්නිසාද ඔහු මාගේ වැඩිමල් සහෝදරයාය; ඔහු උදෙසාත් පූජකවූ අබියාතර් සහ ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් උදෙසාත් ඉල්ලුව මැනවියි තමාගේ මෑණියන්ට කීවේය.


ශාදොක් පූජකයා කූඩාරමෙන් තෙල් කුලාව රැගෙන ගොස් සාලමොන් ආලේපකෙළේය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝය; මුළු සෙනඟද: සාලමොන් රජු සැරදේවයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්