එවිට අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා, “යසයි, ඔබ අපට කළ දේ! මා පිටත්, මාගේ රාජ්‍යය පිටත් මේ සා බරපතල පාපයක් පැවරීමට මා ඔබට කළ වැරැද්ද කුමක් ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක් ද?
1 රාජාවලිය 15:26 - Sinhala New Revised Version 2018 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කොට, තම පියාගේ අඩි පාරේ ගමන් කරමින්, තම පියා ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප ද කෙළේ ය. Sinhala New Revised Version ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කොට, තම පියාගේ අඩි පාරේ ගමන් කරමින්, තම පියා ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප ද කෙළේ ය. Sinhala Revised Old Version ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, තමාගේ පියාගේ මාර්ගයෙහිද ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපයෙහිද හැසුරුණේය. |
එවිට අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා, “යසයි, ඔබ අපට කළ දේ! මා පිටත්, මාගේ රාජ්‍යය පිටත් මේ සා බරපතල පාපයක් පැවරීමට මා ඔබට කළ වැරැද්ද කුමක් ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක් ද?
ජෙරොබෝවම් පව් කළ නිසා ද ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප නිසා ද උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් අත්හැරදමන සේකැ”යි කී ය.
එසේ වුණේ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ උදහස් කරන ලෙස, ජෙරොබෝවම් විසින් කළා වූ ද, ඔහු ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සුවා වූ ද පව් නිසා, සමිඳාණන් වහන්සේ ස්වකීය දාසයා වූ ෂිලෝහි අහියා ලවා කියෙවූ උන් වහන්සේගේ පණිවුඩය හැටියට ය.
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කර ජෙරොබෝවම්ගේ අඩි පාරේ යමින් ඉශ්රායෙල්වරුන් පව් කරන්න සැලැස්සූ පාපය ද කෙළේ ය.
එසේ වුණේ, ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරමින්, ජෙරොබෝවම්ගේ මාර්ගයෙහි ද ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සලස්වන ලෙස ඔහු කළ පාපයේ හැටියට ද හැසිරෙමින් ඔහු කළ පාප නිසා ය.
ඔම්රීගේ පුත් ආහබ් ද තමාට පළමුවෙන් සිටි සෑම දෙනාට වඩා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
තවද, හනානීගේ පුත් දිවැසිවර ජේහු අතින් සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බාෂාටත්, ඔහුගේ වංශයටත් විරුද්ධ ව පැමිණියේ ය. එසේ වූයේ, ඔහු ජෙරොබෝ-වම්ගේ වංශයට සමාන වන හැටියට තමාගේ ක්‍රියාවලින් සමිඳාණන් වහන්සේ කෝප කරවමින් උන් වහන්සේගේ ඇස් හමුයෙහි කළ සියලු නපුරුකම් නිසාත්, ඔහු ඒ වංශය නැසූ නිසාත් ය.
නුඹ මා කෝප කරවමින් ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සලස්වමින් කළ ක්‍රියාව නිසා, නුඹේ වංශය නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ වංශය මෙන් ද අහියාගේ පුත් බාෂාගේ වංශය මෙන් ද කරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, තමාගේ පියාගේ ද තමාගේ මවගේ ද අඩි පාරේ ද ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැස්සූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ අඩි පාරේ ද ගමන් කෙළේ ය.
“ජුදාහි රජ වන මනස්සේ මේ පිළිකුල්කම් කරමින්, ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට ජුදාවරුන් ද තමාගේ දේව රූපවලින් පාපයට පෙළඹවූ නිසා,
තවද, බෙතෙල්හි තිබූ පූජාසනය ද ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් සෑදූ ගිරිකුළු දේවාල ද වන එහි පූජාසනයත්, ගිරි මුදුනත් ඔහු කඩාදමා, ඒ දේවාලය පුළුස්සාදමා කුඩු කර, අෂේරා කප් කණුව ද පුළුස්සාදැමී ය.
එසේ වුවත්, ඔහු ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් අහක් නොවී ඒවා දිගට ම කරගෙන ගියේ ය.
මෝසෙස් ද ආරොන් අමතමින්, “මේ සෙනඟ ලවා මේ සා මහත් පාපයක් කරවීමට ඔවුන් ඔබට කුමක් කෙළේ දැ”යි විචාළේ ය.
ඔව්හු තමන්ගේ දූ පුතුන් මොලෙක් දෙවියා ඉදිරියෙහි දවා කැප කරන්නට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි බාල් දෙවියාට ගිරිකුළු දේවාල ගොඩනැඟුවෝ ය. ඔවුන් ඒ දේ කෙළේ, මාගේ අණට විරුද්ධ ව ය. එබඳු පිළිකුල් මඟින් ඔවුන් පාපයට පෙළඹවීමට මට අදහසක් පහළ වුණේ වත් මා ඔවුන්ට අණ කළේ වත් නැත.
ඔබ කන කෑමක් නිසා ඔබේ සහෝදරයාට තද සිත් වේදනාවක් ඇති වේ නම්, ඔබේ හැසිරීම ප්‍රේමයෙන් තොර ය. ඔහු උදෙසා ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ බැවින්, ඔබ කන දේ නිසා ඔහු විනාශ වීමට ඉඩ නොහරින්න.
මාගේ පුත්‍රයෙනි, එසේ නොකරන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ සෙනඟ අතරේ පැතිරී යන මේ දූසමාන ආරංචිය හොඳ නැත.