Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 32:21 - Sinhala New Revised Version 2018

21 මෝසෙස් ද ආරොන් අමතමින්, “මේ සෙනඟ ලවා මේ සා මහත් පාපයක් කරවීමට ඔවුන් ඔබට කුමක් කෙළේ දැ”යි විචාළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 මෝසෙස් ද ආරොන් අමතමින්, “මේ සෙනඟ ලවා මේ සා මහත් පාපයක් කරවීමට ඔවුන් ඔබට කුමක් කෙළේ දැ”යි විචාළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 මෝසෙස්ද ආරොන්ට කථාකොට: මේ සෙනඟ කෙරෙහි මහත්වූ පාපයක් පමුණුවන්ට ඔවුන් නුඹට කළේ කුමක්දැයි ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 32:21
11 හුවමාරු යොමු  

එවිට අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා, “යසයි, ඔබ අපට කළ දේ! මා පිටත්, මාගේ රාජ්‍යය පිටත් මේ සා බරපතල පාපයක් පැවරීමට මා ඔබට කළ වැරැද්ද කුමක් ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක් ද?


එවිට අබිමෙලෙක්, “ඔබ අපට කළ මේ දේ කුමක් ද? සෙනඟගෙන් කෙනෙක් ලෙහෙසියෙන් ම ඈ සමඟ සේවනයෙහි යෙදෙන්නට තිබිණි. එසේ වී නම්, ඔබ නිසා අප පිට වරද පැමිණෙන්නට තිබුණේ ය”යි කීවේ ය.


ජෙරොබෝවම් පව් කළ නිසා ද ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප නිසා ද උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් අත්හැරදමන සේකැ”යි කී ය.


නුඹ මා කෝප කරවමින් ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සලස්වමින් කළ ක්‍රියාව නිසා, නුඹේ වංශය නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ වංශය මෙන් ද අහියාගේ පුත් බාෂාගේ වංශය මෙන් ද කරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


පසුව ඔහු ඔවුන් සෑදු වස්සා ගෙන, ගින්නෙන් පුළුස්සා, කුඩු කුඩු කොට, එය ජලය මත ඉස, ඒ ජලය ඉශ්රායෙල් ජනයාට බොන්නට සැලැස්විය.


ආරොන් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන්ගේ උදහස වේගවත් ව නොඇවිළේ වා! මේ සෙනඟ නපුරට කෙතරම් බර වී සිටින්නෝ දැ යි ඔබ දන්නෙහි ය.


සාමුවෙල් පිළිතුරු දෙමින්, “එසේ නම්, මට ඇසෙන මේ බැටළු හඬත්, මට ඇසෙන ගවයින්ගේ හඬත් කිමෙක් දැ”යි ඇසුවේ ය.


මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබේ මෙහෙකරුවා වන මාගේ වචනවලට සවන් දෙන්න. ඔබ තුමා මට විරුද්ධ ව පෙළඹුවේ සමිඳාණන් වහන්සේ නම්, උන් වහන්සේ පූජාවක් පිළිගන්න සේක් වා! එහෙත්, ඔබ තුමා පෙළඹෙව්වේ මනුෂ්‍යයෝ නම්, ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාපලද්දෝ වෙත් වා. මන්ද, ඒ මිනිස්සු, ‘ඔබ ගොස් අන් දෙවිවරුන්ට නමස්කාර කරන්න’ කියා මට දැන් සමිඳාණන් වහන්සේගේ උරුමයට හිමිකමක් නැති වන හැටියට මා පන්නාදැමූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්