එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්,
1 රාජාවලිය 14:26 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වස්තු ද රජ මාලිගාවෙහි වස්තු ද රැගෙන ගියේ ය. සලමොන් විසින් සාදවනු ලැබ තිබුණු සියලු රන් පලිස් ඇතුළු සියල්ල ම රැගෙන ඔහු යන්න ගියේ ය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වස්තු ද රජ මාලිගාවෙහි වස්තු ද රැගෙන ගියේ ය. සලමොන් විසින් සාදවනු ලැබ තිබුණු සියලු රන් පලිස් ඇතුළු සියල්ල ම රැගෙන ඔහු යන්න ගියේ ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජගෙයි වස්තුද හැරගෙන ගියේය; ඔහු සියල්ලම රැගෙන, සාලමොන් විසින් සාදා තිබුණු සියලු රන් පලිස්ද ගෙන ගියේය. |
එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්,
මෙලෙස සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා කරවන ලද වැඩ සියල්ල නිම විය. මොහු තමාගේ පිය වූ දාවිත් විසින් කැප කරන ලද දේ වන රිදී හා රන් ද භාණ්ඩ ද ඇතුළට ගෙනවුත් සමිඳාණන්ගේ මාලිගාවේ ගබඩාවල තැබුවේ ය.
එවිට ජුදාහි රජ වන ජෙහෝවාෂ් තමාගේ පියවරුන් ද ජෙහෝෂාපාට් ද ජෙහෝරාම් ද අහසියා ද යන ජුදාහි රජවරුන් විසින් කැප කරන ලද සියලු ම පඬුරු ද තමාගේ ම පඬුරු ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවලත්, රජ මැදුරේත් තිබූ සියලු රන් ද රැගෙන සිරියාවේ රජු වන හසායෙල්ට යැවී ය. එවිට ඔහු ජෙරුසලමෙන් ඉවත් ව යන්නට ගියේ ය.
සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ මැදුරේ ගබඩාවලත් තිබූ රන් රිදී සියල්ල ද භාජන සියල්ල ද ඇපකාරයන් ද රැගෙන ආපසු හැරී සමාරියට ගියේ ය.
ඔහු සමිඳාණන් වහන්සේ වදාළ ලෙස සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු සියල්ල ද රජ ගෙයි වස්තු ද එතැනින් පිටතට ගෙන යනුයේ, ඉශ්රායෙල් රජ වූ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලි කොට කැපී ය.
හැම මිනිසා ම සෙවණැල්ලක් වැනි ය; ඔහු කොයි දේ කළත් එය නිෂ්ඵල ය. ඔහු වස්තු රැස් කරතත්, ඒවා කාට හිමි වේ දැ යි නොදනියි.