ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 12:17 - Sinhala New Revised Version 2018

එහෙත්, ජුදා නගරවල විසූ ඉශ්රායෙල් ජනයා කෙරෙහි රෙහොබෝවම් රජකම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, ජුදා නගරවල විසූ ඉශ්රායෙල් ජනයා කෙරෙහි රෙහොබෝවම් රජකම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් යූදා නුවරවල විසූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි රෙහොබොවම් රජකම් කෙළේය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 12:17
7 හුවමාරු යොමු  

තවද, මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මා තෝරාගත් ජෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි”යි වදාළ සේක.


එහෙත්, ඔහුගේ පුත්‍රයා අතින් රාජ්‍යය ගෙන ගෝත්‍ර දහයක් ඔබට දෙන්නෙමි.


මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගන්න ලද නගරය වන ජෙරුසලමේ මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශයෙන් පැවතෙන්නෙකු මා ඉදිරියෙහි සිටින පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.


“නුඹ සලමොන්ගේ පුත්‍ර ජුදාහි රජ වන රෙහොබෝවම්ටත්, මුළු ජුදා ගෝත්‍රයටත් බෙන්‍ජමින් ගෝත්‍රයටත්, ඉතිරි, සෙනඟටත් කතා කොට මෙසේ කියන්න,


සලමොන්ගේ පුත් රෙහොබෝවම් ජුදාහි රජකමට පත් විය. රෙහොබෝවම් රජකමට පත් වන කල සතළිස් එක් අවුරුද්දක් වයස් ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ සිය නාමය තැබීමට සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නගරය වූ ජෙරුසලමෙහි ඔහු දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වන ඔහුගේ මවගේ නම නාමා ය.


එහෙත්, රෙහොබෝවම් රජ ජුදා නගරවල විසූ ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.