නුඹ කැමැති සියල්ල කෙරෙහි නුඹ රජකම් කරමින් ඉශ්රායෙල්වරුන්ගේ රජ වන පිණිස නුඹ පිළිගන්නෙමි.
නුඹේ සිත ආසාවෙන සියල්ල කෙරෙහි නුඹ රජකම්කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි රජ වෙන පිණිස නුඹ පිළිගන්නෙමි.
අබ්නේර් දාවිත්ට කතා කොට, “මම පිටත් ව ගොස්, සියලු ඉශ්රායෙල්වරුන් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සමඟ ගිවිසුමක් කරන පිණිස ඔවුන් ඔබ වෙත රැස් කරගෙන එන්නෙමි; මෙසේ ඔබේ සිත් ගන්න සියල්ලන් කෙරෙහි ඔබ රජකම් කරනු ඇතැ”යි කීවේ ය. දාවිත් අබ්නේර්ට යන්නට අවසර දුන් විට ඔහු සාමදානයෙන් ගියේ ය.
ශෙරේදායේ එප්‍රායිම් ජාතිකයෙකු වූ නෙබාත්ගේ පුත්‍ර වූ ද සලමොන්ගේ සේවකයෙකු වූ ද ජෙරොබෝවම්, රජුට විරුද්ධ ව කැරලි ගැසී ය. වැන්දඹු ස්ත්‍රියක ව සිටි ඔහුගේ මවගේ නම ශෙරුවා ය.
මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගන්න ලද නගරය වන ජෙරුසලමේ මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශයෙන් පැවතෙන්නෙකු මා ඉදිරියෙහි සිටින පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.
මාගේ මෙහෙකරු වූ දාවිත් කළ පරිදි නුඹ මාගේ ආඥා හා පනත් රක්ෂා කරමින්, මා නුඹට අණ කරන සියල්ලට ඇහුම්කන් දී, මාගේ මාර්ගවල හැසිර මාගේ ඇස් හමුයෙහි හරි දේ කරන්නෙහි නම්, මම නුඹ සමඟ සිට දාවිත්ට ස්ථීර වූ පෙළපතක් ගොඩනඟා දුන් ලෙස නුඹටත් ගොඩනඟා දී ඉශ්රායෙල්වරුන් නුඹට භාර දෙන්නෙමි.
ජෙරොබෝවම් නැවත පැමිණි බව සියලු ඉශ්රායෙල්වරු අසා, සභාවට ඔහු ගෙන්වාගෙන, සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජ කොට පත් කළෝ ය. ජුදා ගෝත්‍රය මිස දාවිත්ගේ වංශයට පක්ෂපාත වූ වෙන කිසිවෙක් නො වූ හ.
‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔබ ගොස් ජෙරොබෝවම්ට කියන්න: ‘මම සෙනඟ අතරෙන් නුඹ උසස්කර, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත්කර,
ඉන්පසු ඒ මුදල වැය කොට ඔබ කැමැති පරිදි ඕනෑ ම දෙයක් එනම්, ගවයන් හෝ බැටළුවන් හෝ මිදියුස හෝ මත්පැන් හෝ ඔබ කැමැති දෙයක් ගෙන දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ ගෙවැසියන් ද ඒවා අනුභව කර ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.