දාවිත් රජු මියගිය බවත්, ජෝවාබ් සෙන්පති මළ බවත් හදද් මිසරයේ දී අසා, “මාගේ රටට යන්නට මා හැරිය මැනව”යි පාරාවෝට කී ය.
1 රාජාවලිය 11:22 - Sinhala New Revised Version 2018 එවිට පාරාවෝ ඔහුට කතා කොට, “ඔබේ රටට යන්න හදන්නේ මා ළඟ ඔබට මොන හිඟයක් නිසා දැ”යි ඇසී ය. “හිඟයක් නැත, එහෙත්, කෙසේ වුව ද මට යන්නට අවසර දුන මැනව”යි ඔහු උත්තර දිනි. Sinhala New Revised Version එවිට පාරාවෝ ඔහුට කතා කොට, “ඔබේ රටට යන්න හදන්නේ මා ළඟ ඔබට මොන හිඟයක් නිසා දැ”යි ඇසී ය. “හිඟයක් නැත, එහෙත්, කෙසේ වුව ද මට යන්නට අවසර දුන මැනව”යි ඔහු උත්තර දිනි. Sinhala Revised Old Version එවිට ඵාරාවෝ ඔහුට කථාකොට: නුඹේ රටට යන්ට හදන්නේ මා ළඟ නුඹට මොන හිඟයක් වීදැයි ඇසුවේය. හිඟයක් නැත, එහෙත් කොහොම නුමුත් මට යන්ට අවකාශ දුනමැනවැයි ඔහු උත්තරදුන්නේය. |
දාවිත් රජු මියගිය බවත්, ජෝවාබ් සෙන්පති මළ බවත් හදද් මිසරයේ දී අසා, “මාගේ රටට යන්නට මා හැරිය මැනව”යි පාරාවෝට කී ය.
දෙවියන් වහන්සේ ඔහුට තවත් විරුද්ධකාරයෙකු එවූ සේක. එනම්, තම ස්වාමීන් වූ ශෝබායේ රජ වූ හදද්-එශෙර් වෙතින් පලා ගිය එලියාදාගේ පුත්ර වූ රෙශොන් ය.
මුළු ඉශ්රායෙල් ජනයෙනි, මා නුඹලාට කියන මේ දේට සවන් දෙන්න. මම ඉශ්රායෙල්වරුන්ට කාන්තාරයක් නොහොත් අන්ධකාර දේශයක් මෙන් වූයෙම් ද? එසේ නොවේ නම්, ‘අප නිදහස් ව ඇත; අපි ඔබ වෙත නොපැමිණෙන්නෙමු’යි මාගේ සෙනඟ කියන්නේ මන් ද?
එහෙත්, ඔහු “මට ඔබ වහන්සේ සමඟ මැරෙන්න සිදු වුණත් ‘ඔබ නාඳුනමි’යි කියන්නේ ම නැතැ”යි තරයේ ම කියා සිටියේ ය. සෙසු සියල්ලෝ ද එසේ ම කී හ.
උන් වහන්සේ ඔවුන්ට වදාරමින්, “පසුම්බියක් වත්, මල්ලක් වත්, පා වහන් වත් නැති ව මා ඔබ යැවූ කල කිසිවක් හිඟ වී දැ”යි ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, “නැතැ”යි කී හ.