අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්‍රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්රායෙල්හි නොසිටියේ ය. පතුල පටන් හිස් මුදුන දක්වා ඔහුට කිසි කැළලක් නො වී ය.
1 රාජාවලිය 1:6 - Sinhala New Revised Version 2018 “ඔබ මෙසේ කෙළේ මන්දැ”යි ඔහුගේ පියා ඔහුට කවදාවත් තරවටු කෙළේ නැත. අදොනියා කඩවසම් පෙනුමක් ඇති මිනිසෙකි. මොහු අබ්සලොම්ට පසු ව උපන්නේ ය. Sinhala New Revised Version “ඔබ මෙසේ කෙළේ මන්දැ”යි ඔහුගේ පියා ඔහුට කවදාවත් තරවටු කෙළේ නැත. අදොනියා කඩවසම් පෙනුමක් ඇති මිනිසෙකි. මොහු අබ්සලොම්ට පසු ව උපන්නේ ය. Sinhala Revised Old Version නුඹ මෙසේ කළේ මන්දැයි කියා ඔහුගේ පියා කවදාවත් ඔහුට සැරකළේ නැත. තවද ඔහු ඉතා ශෝභමාන මනුෂ්‍යයෙක් විය; ඔහු අබ්සලොම්ට පසුව උපන්නේය. |
අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්‍රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්රායෙල්හි නොසිටියේ ය. පතුල පටන් හිස් මුදුන දක්වා ඔහුට කිසි කැළලක් නො වී ය.
සලමොන් උත්තර දෙමින්, “ඔබ අදොනියා උදෙසා ෂුනම්මීය අබිෂග් නම් කාන්තාව ඉල්ලන්නේ මන් ද? රජකමත් ඔහු උදෙසා ඉල්ලන්න. මන්ද, ඔහු මාගේ වැඩිමහල් සහෝදරයා ය. පූජක අබියාතර් සහ ශෙරුයාගේ පුත් ජෝවාබ් ද ඔහුගේ පැත්ත ගෙන තිබෙන්නේ ය”යි තම මවට කීවේ ය.
තුන්වැනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුව වූ මයකාගේ පුත්‍ර වූ අබ්සලොම් ය; හතරවැනියා හග්ගිත්ගේ පුත්‍ර වූ අදොනියා ය;
ඔව්හු දුව ගොස් සාවුල් එතැනින් ගෙනාවෝ ය. ඔහු සෙනඟ අතරේ සිටි කල, අන් හැමට වඩා උස කෙනෙක් විය.
ඒලීගේ පුත්‍රයන් තමන් පිට සාපයක් පමුණුවා ගන්න බව ඔහු දැනගෙන සිටිය දී, ඔවුන් නොවැළැක්වීමේ අපරාධය නිසා මම ඔහුගේ වංශයට සෑම කල්හි ම දඬුවම් කරන්නෙමි යි මම ඔහුට දැන්වීමි.
ඔහුට සාවුල් නම් කඩවසම් පෙනුමක් ඇති තරුණ පුත්‍රයෙක් සිටියේ ය. ඔහුට වඩා පෙනුමක් ඇති කෙනෙක් ඉශ්රායෙල්වරුන් අතර සිටියේ නැත. ඔහු අන් හැමට වඩා උස කෙනෙක් විය.