දේව ගරුබිය ඇත්තන් උදෙසා තබා ඇති ඔබේ ගුණවත්කම කොතරම් ද? ඔබ කෙරේ විශ්වාසය තැබූ අය වෙත එය කොතරම් මහත් ලෙස පෙනේ ද?
1 යොහන් 4:16 - Sinhala New Revised Version 2018 මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කර සිටිමු. දෙවියන් වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයෙහි ජීවත් වන්නා උන් වහන්සේ තුළ ජීවත් වෙයි. දෙවියන් වහන්සේ ද ඔහු තුළ ජීවත් වන සේක. Sinhala New Revised Version මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කර සිටිමු. දෙවියන් වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයෙහි ජීවත් වන්නා උන් වහන්සේ තුළ ජීවත් වෙයි. දෙවියන් වහන්සේ ද ඔහු තුළ ජීවත් වන සේක. සිංහල කාලීන පරිවර්තනය මෙසේ අපි, අප වෙත ඇති දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනගැනීමට හා විශ්වාසයට පැමිණ ඇත්තෙමු. දෙවියන්වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයේ පැවත සිටින්නා දෙවියන්වහන්සේ තුළ පැවත සිටියි; දෙවියන්වහන්සේ ඔහු තුළ පැවත සිටින සේක. Sinhala Revised Old Version දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාසකරගන සිටිමුව. දෙවියන්වහන්සේ ප්‍රේමයය; ප්‍රේමයෙහි පවතින්නා දෙවියන්වහන්සේ තුළ සිටි, දෙවියන්වහන්සේද ඔහු තුළ සිටිනසේක. |
දේව ගරුබිය ඇත්තන් උදෙසා තබා ඇති ඔබේ ගුණවත්කම කොතරම් ද? ඔබ කෙරේ විශ්වාසය තැබූ අය වෙත එය කොතරම් මහත් ලෙස පෙනේ ද?
තමන් කෙරෙහි විශ්වාසය තබන අය උදෙසා මෙවැනි ක්‍රියා කරන දෙවි කෙනෙකු ගැන කනින් අසා තේරුම්ගත්, ඇසින් දුටු කෙනෙක් කිසි කලක නොසිටියේ ය.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මොහු අන්ධ ව ඉපදුණේ මොහු වත් මොහුගේ දෙමවුපියන් වත් පව් කළ නිසා නොව; දෙවියන් වහන්සේගේ බලය මොහු තුළ ප්‍රකාශ වන පිණිස ය.
ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස: “දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට උන් වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවත් ඇසින් නුදුටු, කණින් නොඇසූ, සිතින් නොසිතූ දෙයකි.”
බලන්න, පියාණන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කර ඇද් ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන් වහන්සේ අපට ප්‍රේම කළ සේක. ඇත්තෙන් ම අපි උන් වහන්සේගේ දරුවෝ ම ය. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින්, ඔව්හු අප ද නොහඳුනති.
ප්‍රේමය යනු කිමෙක් දැ යි අප දන්නේ, ක්‍රිස්තුන් වහන්සේ සිය ජීවිතය අප උදෙසා පරිත්‍යාග කළ බැවිනි. අප ද, සහෝදරයන් උදෙසා අපේ ජීවිත පරිත්‍යාග කළ යුතු ය.
උන් වහන්සේගේ ආඥා පිළිපදින්නා, උන් වහන්සේ තුළ වෙසෙයි; උන් වහන්සේ ද ඔහු තුළ වැඩවසන සේක. උන් වහන්සේ අප තුළ වැඩවසන බව අප දන්නේ උන් වහන්සේ අපට දුන් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ය.
ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මන්ද, ප්‍රේමය දෙවියන් වහන්සේගෙන් ය. ප්‍රේම කරන සෑම දෙන ම දෙවියන් වහන්සේගෙන් උපත ලබා සිටින බැවින් උන් වහන්සේ අඳුනති.