මුල සිට ම ඉතිහාසය යන මාර්ගය නියම කොට මේ සියල්ල සිදු වන්න සැලසුවේ කවරෙක් ද? සමිඳාණන් වන මම ය. ආරම්භයත්, අවසානයත් වන සමිඳාණෝ මම ය.
1 යොහන් 1:1 - Sinhala New Revised Version 2018 මූලාරම්භයේ පටන් වූ ජීවනයේ ධර්මයාණන් ගැන අපි ඔබට ලියමු. අපි උන් වහන්සේ කනින් ඇසීමු, අපේ ඇස්වලින් දුටිමු; දැක බලා, අපේ අත්වලින් ස්පර්ශ කෙළෙමු. Sinhala New Revised Version මූලාරම්භයේ පටන් වූ ජීවනයේ ධර්මයාණන් ගැන අපි ඔබට ලියමු. අපි උන් වහන්සේ කනින් ඇසීමු, අපේ ඇස්වලින් දුටිමු; දැක බලා, අපේ අත්වලින් ස්පර්ශ කෙළෙමු. සිංහල කාලීන පරිවර්තනය පටන්ගැන්මේ සිට තිබූ, අප අසා ඇති, අපේ ඇස්වලින් අප දුටු, අප බැලූ, අපේ අත්වලින් අප ඇල්ලූ ජීවනයේ වචනයාණන් සම්බන්ධව ය. Sinhala Revised Old Version පටන්ගැන්මේ සිට තිබුණාවූ, අප විසින් අසා තිබෙන්නාවූ, අපේ ඇස්වලින් දැක තිබෙන්නාවූ, අප විසින් බැලුවාවූ, අපේ අත්වලින් ඇල්ලුවාවූ දේ වන ජීවනයේ වාක්‍යයාණන් ගැන, |
මුල සිට ම ඉතිහාසය යන මාර්ගය නියම කොට මේ සියල්ල සිදු වන්න සැලසුවේ කවරෙක් ද? සමිඳාණන් වන මම ය. ආරම්භයත්, අවසානයත් වන සමිඳාණෝ මම ය.
“එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා! තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය. එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.”
ඔවුන් එසේ කර ඇත්තේ ඒ සිද්ධීන් මුල සිට ම සියැසින් දුටු අය හා දහම් පණිවුඩය දෙසූ අය අපට භාර දුන් කරුණු අනුව ය.
මාගේ අත් හා පා බලන්න; මේ මා ම බව තේරුම්ගන්න; මා ස්පර්ශ කොට, බලන්න; ඔබට පෙනෙන ලෙස ඇට මස් සහිත සිරුරක් මට ඇත. අවතාරයකට නම් ඒවා නැතැ”යි වදාළ සේක.
එය දුටු තැනැත්තේ ඒ ගැන සාක්ෂි දරයි. ඔහුගේ සාක්ෂිය සැබෑ ම ය. ඔබත් විශ්වාස කරන පිණිස ඔහුගේ සාක්ෂිය සැබෑ බව ඔහු දනියි.
ඉන්පසු උන් වහන්සේ තෝමස් අමතා, “ඔබේ ඇඟිල්ල මෙහි බහා මාගේ අත් බලන්න; ඔබේ අත දිගු කර මාගේ ඇලයෙහි තබන්න. අවිශ්වාස නොකර විශ්වාස කරන්නැ”යි වදාළ සේක.
පියාණන් වහන්සේට තමන් තුළ ම ජීවනය තිබෙන්නාක් මෙන් ම, පුත්‍රයාණන්ටත් තමන් තුළ ජීවනය ඇති ව සිටින්නට උන් වහන්සේ වරය දුන් සේක.
උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක.
එසේ නම්, පළමුවෙන් සමිඳාණන් වහන්සේ මඟින් ප්‍රකාශ කරන ලද, එය ඇසූවන් විසින් අපට සහතික කර දෙන ලද, මේ සා උදාර ගැළවීමක් අප නොසලකා සිටියොත්, අපි කෙසේ ගැළවෙමු ද?
තවද, පියාණන් වහන්සේ තමන් පුත්‍රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයාණන් වන පිණිස එවා වදාළ බව අපි දුටිමු. ඊට සාක්ෂි දරමු.
“ඔබ දකින දර්ශන පොතක ලියා, එපීසය, ස්මර්ණය, පෙර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියාව, ලවෝදීසය යන මේ සභා සතට යවන්නැ”යි ඒ හඬ පැවසී ය.
“ආරම්භය ද අවසානය ද මම වෙමි”යි වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරන සේක.
ලෙයින් පෙඟුණු වස්ත්‍රයක් උන් වහන්සේ ඇඳ සිටි සේක. “දෙවියන් වහන්සේගේ ධර්මයාණෝ” යයි උන් වහන්සේට කියන ලදී.
“ස්මර්ණායේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘පළමුවැන්නා ද අන්තිමයා ද වන, මැරුණ නමුත් ජීවත් ව සිටින තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක.