එවිට ඔව්හු උන් වහන්සේගේ මුහුණට කෙළ ගසා, මිට මොලවා පහර දුන්හ. සමහරෙක් උන් වහන්සේට අතුල් පහර දී,
1 පේත්‍රැස් 2:20 - Sinhala New Revised Version 2018 ඔබ වරද කොට, ඊට සුදුසු දඬුවම ලබන කල්හි ඉවසන්නහු නම් එහි කුමන වටිනාකමක් තිබේ ද? එහෙත් ඔබ යහපත කොට, ඒ ගැන දුක් විඳිමින් ඉවසන්නහු නම්, එය දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න දෙයකි. Sinhala New Revised Version ඔබ වරද කොට, ඊට සුදුසු දඬුවම ලබන කල්හි ඉවසන්නහු නම් එහි කුමන වටිනාකමක් තිබේ ද? එහෙත් ඔබ යහපත කොට, ඒ ගැන දුක් විඳිමින් ඉවසන්නහු නම්, එය දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න දෙයකි. සිංහල කාලීන පරිවර්තනය මන්ද ඔබ වරද කර, එනිසා ලැබෙන පහරකෑම විඳ දරා ගැනීමේ ඇති ගෞරවය කිමෙක් ද? එහෙත් හරි දෙයක් කිරීම නිසා එන වධ වේදනා ඔබ ඉවසිල්ලෙන් විඳ දරා ගනී නම්, දෙවියන්වහන්සේ ඉදිරියේ එය ප්‍රශංසනීය ය. Sinhala Revised Old Version මක්නිසාද නුඹලා වරදකොට ඒ ගැන පහර ලබන කල්හි ඉවසන්නහු නම්, එය මොන උතුම්කමක්ද? නුමුත් යහපත්කම් කොට ඒ ගැන දුක්විඳින කල්හි ඉවසන්නහු නම්, ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රශංසනීය දෙයක්ය. |
එවිට ඔව්හු උන් වහන්සේගේ මුහුණට කෙළ ගසා, මිට මොලවා පහර දුන්හ. සමහරෙක් උන් වහන්සේට අතුල් පහර දී,
ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහු නම්, එහි ඇති විශේෂය කුමක් ද? විජාතිකයෝ පවා එසේ නොකරත් ද?
එකල ඇතැමෙක් උන් වහන්සේට කෙළ ගසන්නට ද උන් වහන්සේගේ මුහුණ වසා අතින් පහර දෙමින්, “ඉතින් දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කියන්නට ද පටන්ගත්හ. මුර සේවකයෝ ද උන් වහන්සේ භාරගෙන, අතුල් පහර දුන්හ.
“ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති.
මේ මොහොත දක්වා ම අපි කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙමු. වැරහැලි අඳිමු; පහර ලබමු; ගෙයක්දොරක් අපට නැත.
යහපත සඳහා මිනිසුන්ගේ සිත් දිනාගැනීම, මා ඔබ සමඟ සිටින විට පමණක් නොව, කොයි වේලේත් හොඳ දෙයකි.
දැන් මට සියල්ල වුවමනාවටත් වැඩියෙන් ලැබී ඇති බවට සහතික කරමි. ඔබ එපප්‍රොදිතස් අත මා වෙත එවූ දේවල් ද ලබා පූර්ණ වී සිටිමි. ඒවා දෙවියන් වහන්සේට මිහිරි සුගන්ධයක් හා ප්‍රියමනාප පූජාවක් වී ඇත.
මන්ද, යමෙක් තමන් දෙවියන් වහන්සේ අබිමුවෙහි සිටින බව සිතාගෙන, අසාධාරණ ලෙස දුක් පීඩා විඳින්නේ නම් එය ප්‍රශංසනීය දෙයකි.
එහෙත් ඔබ දමිටුකම නිසා දුක් විඳින්නහු නම් ඔබ ආසිරි ලද්දහු ය. ඔවුන්ට බිය නොවී, නොකැළඹී සිටින්න.