1 තිමෝති 6:21 - Sinhala New Revised Version 2018 එවැනි සමහරු ඇදහිල්ලෙන් ඈත් ව සිටිති. ඔබ හැමට කරුණාව වේ වා! Sinhala New Revised Version එවැනි සමහරු ඇදහිල්ලෙන් ඈත් ව සිටිති. ඔබ හැමට කරුණාව වේ වා! සිංහල කාලීන පරිවර්තනය එසේ ප්‍රකාශ කළ ඇතැම්හු ඇදහිල්ලෙන් මුළාව ගියහ. අනුග්‍රහය ඔබ සමඟ වේවා! Sinhala Revised Old Version සමහරු ඒ දැනගැන්ම තමුන්ට ඇත්තේය කියා ඇදහිල්ලෙන් මුළාවුණේය. අනුග්‍රහය නුඹ සමඟ වේවා. |
දෙවියන් වහන්සේට ප්‍රිය වූ, උන් වහන්සේට කැප කරන ලද සෙනඟක් වන රෝමයෙහි සිටින ඔබ හැම දෙනා වෙත මෙය ලියා එවමි. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා!
ශාන්තිදායක දෙවියන් වහන්සේ නොබෝ කලකින් සාතන් ඔබගේ පාද යට සුණු විසුණු කරන සේක. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා.
මට ද මුළු සභාවට ද ආගන්තුක සත්කාරය කරන ගායස් ඔබ වෙත ඔහුගේ ආචාරය එවයි. නගර භාණ්ඩාගාරික තැන්පත් එරස්තස් ද සහෝදර ක්වර්තස් ද ඔබ වෙත ඔවුන්ගේ ආචාර එවති.
පාවුලු නම් මම, මාගේ ම අතින් මේ ආචාරය ලියමි. සිරගත වී සිටින මා සිහි කරන්න. ඔබට කරුණාව වේ වා!
එනම්, ඒ වාක්‍යයන් ආයුධ කොට ගෙන, ඇදහිල්ල ද නිදොස් හෘදය සාක්ෂියක් ද ඇති ව, ධර්ම යුද්ධය කරන්න. සමහරු මෙයට පිටුපා ගොස්, ඇදහිල්ල නමැති නැව බිඳ ගත්තෝ ය.
මුදල් තණ්හාව සැම නපුරට මුල ය. සමහරු මුදලට ආලය වී, ඇදහිල්ලෙන් වැටී, තමන්ට ම බොහෝ දරුණු ලෙස තුවාළ කරගත්හ.
ඔව්හු පුනරුජ්ජීවනය දැනට ම සිදු වී තිබෙන බව කියමින්, සත්‍යයෙන් බැහැර ගොස්, සමහරුන්ගේ විශ්වාසය අවුල් කරති.
මා සමඟ සිටින සියල්ලෝ ඔබට ආචාර කරති. ඇදහිල්ලෙහි අපගේ හිත මිතුරන් වන අයට ආචාර කරන්න. කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!