තවද, ජෝසෙප් තම පියාට ද, සහෝදරයන්ට හා පියාගේ ගෙවැසියන් සියලු දෙනාට ද ඔවුන්ගේ පවුල් අනුව ආහාර සපයා දුන්නේ ය.
1 තිමෝති 5:4 - Sinhala New Revised Version 2018 එහෙත් යම් වැන්දඹුවකට දරුවන් හෝ මුණුබුරන් හෝ ඇත්නම්, තම පවුල් වෙත යුතුකම් දැන ප්‍රථමයෙන් සිය දෙමවුපියන් පිළිබඳ යුක්තිය ඉෂ්ට කළ යුත්තෝ ඔව්හු ය. මන්ද, එය දෙවියන් වහන්සේට ප්‍රිය හෙයිනි. Sinhala New Revised Version එහෙත් යම් වැන්දඹුවකට දරුවන් හෝ මුණුබුරන් හෝ ඇත්නම්, තම පවුල් වෙත යුතුකම් දැන ප්‍රථමයෙන් සිය දෙමවුපියන් පිළිබඳ යුක්තිය ඉෂ්ට කළ යුත්තෝ ඔව්හු ය. මන්ද, එය දෙවියන් වහන්සේට ප්‍රිය හෙයිනි. සිංහල කාලීන පරිවර්තනය එහෙත් යම් වැන්දඹුවකට දරුවන්, මුණුබුරන් සිටී නම්, ඒ දරු මුණුබුරන් පළමු කොට ඔවුන්ගේ ගෘහ වාසීන් වෙත භක්තිවන්තකම පෙන්වමින්, තම මාපියනට සත්කාර සැලසීමට ද ඉගෙන ගනිත්වා; එය දෙවියන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්න ය. Sinhala Revised Old Version නුමුත් යම් වැන්දඹු ස්ත්‍රියෙකුට දරුවෝවත් මුණුබුරෝවත් සිටිත් නම්, ඔව්හු පළමුකොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස හැසිරෙමින් ස්වකීය මවුපියන්ට ප්‍රත්‍යුපකාරකරන්ට ඉගෙනගනිත්වා. මක්නිසාද ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නව තිබේ. |
තවද, ජෝසෙප් තම පියාට ද, සහෝදරයන්ට හා පියාගේ ගෙවැසියන් සියලු දෙනාට ද ඔවුන්ගේ පවුල් අනුව ආහාර සපයා දුන්නේ ය.
තවද, ජාකොබ් මිසර දේශයෙහි අවුරුදු දහහතක් ජීවත් විය. මෙලෙස ඔහුගේ මුළු වයස අවුරුදු එකසිය හතළිස්හතක් විය.
ඔහුගේ සෙනඟ අතර ඔහුට දරු මුණුබුරෝ නැත; ඔහුගෙන් පැවත එන කිසිවෙක් ඔහුගේ නිවෙසෙහි ඉතිරි ව නැත.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම බබිලෝනියට පහර දී එය විනාශ කරන්නෙමි. බබිලෝනිය යන නාම මාත්‍රය ද එහි ඉතිරි ව සිටින අය සහ දරු මුණුබුරන් ද මම නැත්තට ම නැති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වී විසූ සේක. උන් වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක් ම සිත්හි නිදන් කරගත්හ.
යම් කිසි ක්‍රිස්තු භක්තික ස්ත්‍රියකට, වැන්දඹු නෑදෑයින් ඇත්නම්, සභාවට වියදම් දරන්නට ඉඩ නොහැර, ඇය ඔවුන් නඩත්තු කළ යුතු ය. එවිට කාත් කවුරුනුත් නැති වැන්දඹුවන්ට උපකාර කරන්නට සභාවට පුළුවන් වේ.
ඔවුන්ගේ කට පියවාදැමිය යුතු ය. ඔව්හු ලජ්ජා නැති ව, මුදල් ගැරීමේ අදහසින් අයුතු දේ උගන්වමින්, පවුල් මුළුමනින් ම අවුල් කරදමති.
ඔහුට පුත්‍රයෝ සතළිස්දෙනෙක් ද මුණුබුරෝ තිස්දෙනෙක් ද සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යන පිණිස කොටළුවෝ හැත්තෑදෙනෙක් වූ හ. ඔහු අට අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.
ඈ එය රැගෙන නගරයට ගිය විට තමා කොපමණ ධාන්‍ය ප්‍රමාණයක් එකතු කරගත්තා දැ යි ඇගේ නැන්දම්මා දුටුවා ය. රූත් ඉතුරු කර ගෙනා ආහාර කොටස ද ඇයට දුන්නා ය.
මෝවබ් ජාතික රූත් නයෝමිට කතා කොට, “අස්වැන්න එකතු කරන අයගෙන් මඟ හැරෙන කරල් එකතු කරගැනීමට ඉඩ දෙන මිනිසෙකු පසුපස යන්නට මට අවසර දෙන්නැ”යි කීවා ය. නයෝමි උත්තර දෙමින්, “හොඳයි, යන්න දුව” කියා ඇයට අවසර දුන්නා ය.