හැම පූජාසනයක් පාසා ඔවුන් උකසට ගත් වස්ත්‍ර එළාගෙන ඒ මත දිගා වී සිටිති; දඩයට යටත් වූවන්ගෙන් ගත් මුද්‍රික පානය ඔව්හු තම තමන්ගේ දේවාලවල දී බොති.
1 කොරින්ති 8:10 - Sinhala New Revised Version 2018 දැනුම ඇති ඔබ, දේවාලයක කෑමට වාඩි වී සිටින බව දුර්වල යමෙකු දුටුවොත්, දේවතාවන්ට පිදූ පිදේනි කෑමට, ඔහුගේ හෘදය සාක්ෂියටත් ඉන් අනුබල නොලැබේ ද? Sinhala New Revised Version දැනුම ඇති ඔබ, දේවාලයක කෑමට වාඩි වී සිටින බව දුර්වල යමෙකු දුටුවොත්, දේවතාවන්ට පිදූ පිදේනි කෑමට, ඔහුගේ හෘදය සාක්ෂියටත් ඉන් අනුබල නොලැබේ ද? සිංහල කාලීන පරිවර්තනය මන්ද දැනුම් ඇති ඔබ, යම් දේවාලයකදී කන අයුරු දකින කෙනෙක්, ඔහුගේ හෘදය සාක්ෂිය දුබල වුව ද දේවතා පිදේනියක් කෑමට එයින් ඔහුට අනුබල නො දේ ද? Sinhala Revised Old Version මක්නිසාද දැනුම ඇත්තාවූ නුඹ දේවාලයක කන්ට හිඳගන ඉන්නවා යමෙක් දුටුවොත්, ඔහු දුර්වල නම්, දේවතාවන්ට පුදනලද දේ කන්ට ඔහුගේ හෘදය සාක්ෂිය ධෛර්ය නොවන්නේද? |
හැම පූජාසනයක් පාසා ඔවුන් උකසට ගත් වස්ත්‍ර එළාගෙන ඒ මත දිගා වී සිටිති; දඩයට යටත් වූවන්ගෙන් ගත් මුද්‍රික පානය ඔව්හු තම තමන්ගේ දේවාලවල දී බොති.
මේ ස්ත්‍රීන් තමන්ගේ දෙවි දේවතාවන්ට පිදූ පුදපූජා සඳහා සෙනඟට ආරාධනය කළ විට, ඔව්හු ගොස් ඒ පිදේනි වළඳා, ඒ දෙවි දේවතාවන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය.
රූප සම්බන්ධ දූෂණකම්වලින් ද කාමමිථ්‍යාචාරයෙන් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද ලෙයින් ද වැළකෙන ලෙස ලිපියකින් දන්වා යැවිය යුතු ය, යනු යි.
ස්වභාවයෙන් ම අපවිත්‍ර වූ කිසිවක් නැතැ යි කිතුනුවකු වශයෙන් මම සහතික ලෙස දනිමි. යමක් අපවිත්‍ර යයි සිතන තැනැත්තාට එය අපවිත්‍ර ය.
එහෙත් සැක සිතින් කන තැනැත්තා විශ්වාසයට විරුද්ධ ව කන බැවින්, වරදකරුවෙකු බවට තීන්දු වේ. විශ්වාසයට එකඟ නොවන හැම දෙය ම පාපයකි.
දේවතාවන්ට පුදන පිදේනි වැළඳීම ගැන කුමක් කියමු ද? දේවතා පිළිමයකින් නිරූපණය වන කිසිවෙකු නැති බවත්, එක ම දෙවි කෙනෙකු මිස අන් දෙවි කෙනෙකු නැති බවත් අපි දනිමු.
එහෙත් හැම දෙන ම එය නොදනිති. දේවතා පූජාවට පුරුදු වී සිටින සමහරු ඔවුන් වළඳන ආහාර දේවතාවන්ට පිදූ පිදේනි යයි තවමත් සිතති. මෙලෙස ඔවුන්ගේ හෘදය සාක්ෂිය දුර්වල බැවින්, එය කෙලෙසී ඇත.
ඔව්හු කෙත්වලට ගොස් තමන්ගේ මිදිවතුවලින් පල නෙළා, මැඬගෙන, මංගල්‍ය පවත්වමින්, තමන්ගේ දෙවියන්ගේ දේවාලයට ඇතුළු වී, කා බී අබිමෙලෙක්ට දෙස් තැබුවෝ ය.