Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 කොරින්ති 8:10 - සිංහල කාලීන පරිවර්තනය

10 මන්ද දැනුම් ඇති ඔබ, යම් දේවාලයකදී කන අයුරු දකින කෙනෙක්, ඔහුගේ හෘදය සාක්ෂිය දුබල වුව ද දේවතා පිදේනියක් කෑමට එයින් ඔහුට අනුබල නො දේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 දැනුම ඇති ඔබ, දේවාලයක කෑමට වාඩි වී සිටින බව දුර්වල යමෙකු දුටුවොත්, දේවතාවන්ට පිදූ පිදේනි කෑමට, ඔහුගේ හෘදය සාක්ෂියටත් ඉන් අනුබල නොලැබේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 දැනුම ඇති ඔබ, දේවාලයක කෑමට වාඩි වී සිටින බව දුර්වල යමෙකු දුටුවොත්, දේවතාවන්ට පිදූ පිදේනි කෑමට, ඔහුගේ හෘදය සාක්ෂියටත් ඉන් අනුබල නොලැබේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 මක්නිසාද දැනුම ඇත්තාවූ නුඹ දේවාලයක කන්ට හිඳගන ඉන්නවා යමෙක් දුටුවොත්, ඔහු දුර්වල නම්, දේවතාවන්ට පුදනලද දේ කන්ට ඔහුගේ හෘදය සාක්ෂිය ධෛර්ය නොවන්නේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 8:10
13 හුවමාරු යොමු  

ඒ වෙනුවට, පිළිමවලට පිදූ ආහාරවලින් ද ලිංගික අනාචාරයෙන් ද ගෙල මිරිකා මැරූ සතුන්ගේ මසින් ද ලෙයින් ද වැළකී සිටිය යුතු ය යන්න අපි ඔවුන්ට මෙසේ ලියා යැවිය යුතුයි.


කිසිවක් අපවිත්‍ර නැති වග යේසුස් ස්වාමින්වහන්සේ තුළ දැන, ඒත්තු ගෙන සිටිමි. එහෙත් යමක් අපවිත්‍රයයි සිතන කෙනකුට ඒවා අපවිත්‍ර ය.


එහෙත් සැක සිතින් කෑමක් ගන්නා වරදට පත් කෙරෙන්නේ ඇදහිල්ලෙන් එය නො කරන නිසා ය. ඇදහිල්ලෙන් නො පැමිණෙන හැම දෙයක්ම පාපයකි.


යුදෙව්වන්ට, ග්‍රීකයින්ට හෝ දෙවියන්වහන්සේගේ සභාවට හෝ බාධාවක් නො වන්න.


එබැවින්, පිළිමවලට පිදූ ආහාර වැළඳීම පිළිබඳව: “පිළිමයකට සැබෑ පැවැත්මක් නැති” වගත්, “එක් කෙනෙක් මිස, වෙනත් දෙවියන්වහන්සේ කෙනකු නැති” වගත් අපි දනිමු.


කෙසේ වෙතත්, හැමටම මේ දැනුම නැත. ඇතමකු පිළිම සමඟ පෙර තිබූ සබඳතා නිසා, ආහාර ගන්නේ සැබවින් ඒවා දේවතා පිදේනියයි සලකා ය. ඔවුන්ගේ හෘදය සාක්ෂිය දුර්වල බැවින්, එය දූෂිත වේ.


කෙසේ වෙතත් ඔබේ මේ නිදහස, යම් හෙයකින් දුබලයින්ට බාධාවක් නො වන්නට වගබලා ගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්