මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය;
1 කොරින්ති 4:12 - Sinhala New Revised Version 2018 දෑතින් වැඩ කර වෙහෙස මහන්සි වෙමු. නින්දා ලබන කල, අපි ආශීර්වාද කරමු; පීඩා ලබන කල, අපි ඉවසමු; Sinhala New Revised Version දෑතින් වැඩ කර වෙහෙස මහන්සි වෙමු. නින්දා ලබන කල, අපි ආශීර්වාද කරමු; පීඩා ලබන කල, අපි ඉවසමු; සිංහල කාලීන පරිවර්තනය අපි වෙහෙස වී, අපේම දෑතින් වැඩ කරන්නෙමු. අපට ශාප කරන කල, අපි සෙත් පතන්නෙමු. හිංසා කරන කල, ඒවා විඳ දරා ගන්නෙමු. Sinhala Revised Old Version අපේම අත්වලින් වැඩකරමින් වෙහෙසෙමුව. නින්දා ලබන කල අපි ආශීර්වාදකරමුව; පීඩා ලබන කල අපි ඉවසමුව; |
මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය;
ජේසුස් වහන්සේ කතා කොට, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේගේ වස්ත්‍ර බෙදාගැනීම පිණිස දාදු දැමූ හ.
‘දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවේ ය’යි මා ඔබට වදාළ වචනය සිහි කරන්න. ඔව්හු මට පීඩා කළෝ නම්, ඔබටත් පීඩා කරන්නෝ ය; මාගේ වචනය පිළිපැද්දෝ නම්, ඔබගේ වචනයත් පිළිපදින්නෝ ය.
දෙගොල්ල ම එක ම කර්මාන්තය කරන්නන් වූ බැවින්, පාවුලු ඔවුන් සමඟ නැවතී වැඩ කෙළේ ය. ඔවුන්ගේ කර්මාන්තය කූඩාරම් සෑදීම ය.
මාගේත් මා සමඟ සිටි අයගේත් අවශ්‍යතා පිරිමසාගැනීමට මේ දෑතින් මා වැඩ කළ හැටි ඔබ ම දන්නහු ය.
ඔහු දණින් වැටී, “සමිඳාණන් වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවැ”යි මහත් හඬින් මොරගසා කී ය. මෙසේ කියා ඔහු සැතපුණේ ය.
මෙසේ ද ලියා ඇත: “ඔබේ සතුරාට බඩගිනි නම් කන්නට දෙන්න. පිපාස නම් බොන්නට දෙන්න; එවිට ඔහු හිස ගිනිගත් කෙනෙකු මෙන් ලජ්ජාවෙන් දැවෙනු ඇත.”
ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ හැකි කිසිවක් ඇද් ද? විපතට වත්, දුක් වේදනාවට වත්, පීඩාවට වත්, සාගින්නට වත්, දුගී බවට වත්, උවදුරට වත්, කඩුවට වත් අප වෙන් කළ හැකි ද?
සොරකම් කළ අය තවත් සොරකම් නොකරත් වා. ඒ වෙනුවට දුගීන්ට උපකාර කළ හැකිවන සේ වෙහෙස මහන්සි දරා අවංක වැඩක් කරත් වා.
මන්ද, සහෝදරවරුනි, අපි කෙතරම් වීර්යයෙන් හා වෙහෙස මහන්සියෙන් සේවය කළෙමු දැ යි ඔබට මතක ඇත. අපි ඔබෙන් කිසිවෙකුට බරක් නොවන පිණිස දිවා රෑ දෙක්හි රැකියාවක යෙදෙමින් දෙවියන් වහන්සේගේ සුබ අස්න ඔබට දේශනා කළෙමු.
අපි කිසිවෙකුගෙන් පිනට කෑම නොකෑවෙමු. ඔබෙන් කිසිවෙකුට බරක් නො වන පිණිස, අපි වෙහෙස මහන්සියෙන් දිවා රෑ දෙක්හි වැඩ කළෙමු.
අප වෙහෙස වන්නේත්, සටන් කරන්නේත්, සියලු මිනිසුන්ගේ, විශේෂයෙන් අදහන්නන්ගේ, මිදුම්කාර වූ ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙහි අපේ බලාපොරොත්තුව තබා තිබෙන නිසා ය.
උන් වහන්සේට නින්දා කරනු ලැබූ කල, නින්දා නොකළ සේක. වද වින්ද කල තර්ජනය නොකර, දැහැමි ලෙස විනිශ්චය කරන තැනැන් වහන්සේට තමන් ම භාර දුන් සේක.
එහෙත් ඔබ දමිටුකම නිසා දුක් විඳින්නහු නම් ඔබ ආසිරි ලද්දහු ය. ඔවුන්ට බිය නොවී, නොකැළඹී සිටින්න.
නපුරට නපුර වත්, නින්දාවට නින්දාව වත් නොකරන්න. ඒ වෙනුවට, ආශීර්වාදයක් උරුම වන පිණිස ඔබ කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාද ම කරන්න.
එහෙයින් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව දුක් විඳින්නෝ යහපත කරමින්, විශ්වාස කටයුතු මැවුම්කාරයාණන්ට තමන් ම භාර වෙත්වා!
එහෙත්, අග්‍ර දූත මිකායෙල් වුව ද, මෝසෙස්ගේ මළසිරුර පිළිබඳ ආරාවුලේ දී යක්ෂයා සමඟ වාද විවාද කරන අතර, ඔහුට විරුද්ධ ව දරුණු විනිශ්චයක් කිරීමට බිය විය. ඔහු කීවේ, “දෙවියන් වහන්සේ ඔබට තරවටු කරන සේක් වා” යන්න පමණකි.