ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 16:18 - Sinhala New Revised Version 2018

එයින් මාගේ ද එසේ ම ඔබගේ ද සිතට සහනයක් ලැබිණි. මෙවැනි අය අගය කොට සලකන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එයින් මාගේ ද එසේ ම ඔබගේ ද සිතට සහනයක් ලැබිණි. මෙවැනි අය අගය කොට සලකන්න.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මන්ද ඔවුහු මගේ මෙන්ම ඔබේ ආත්මය ප්‍රබෝධවත් කළහ. මෙවැන්නන් අගේ කොට සලකන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද ඔව්හු මාගෙත් නුඹලාගෙත් ආත්ම ප්‍රාණවත්කළෝය. එබැවින් එබඳු අය සලකන්න.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 16:18
14 හුවමාරු යොමු  

විශ්වාසවත් පණිවුඩකරු තම හිමියාට ගිම්හානයේ රස්නය නිවන සිහිල් හිම මෙන් සතුට ගෙන දෙයි.


දුර රටකින් එන හොඳ ආරංචිය, පිපාසයෙන් වේළුණු උගුරට ඇල් වතුර මෙනි.


මා උදෙසා ඔබ දෙවියන් වහන්සේට පුද කරන යාච්ඤාවල දී මා සමඟ වීර්යයෙන් යාච්ඤා කරන ලෙස ය.


අප එතරම් ධෛර්යවත් වූයේ ඒ නිසා ය. එසේ ධෛර්යවත් වීමේ දී අප වඩාත් ප්‍රීති වූයේ තීතස් දැක්වූ ප්‍රීතිය නිසා ය. මන්ද, ඔබ සියල්ලන්ගෙන් ඔහුට සහනය ලැබුණ නිසා ය.


ඔහු ඔබ වෙත එවන්නේ අප ගැන ආරංචි ඔබට දන්වා, ඔබේ සිත් ධෛර්යවත් කරන පිණිස ය.


සහෝදරවරුනි, ඔබ අතර වෙහෙස මහන්සි දරන, ක්‍රිස්තියානි සභාවෙහි මූලිකත්වය දරන, ඔබට අවවාද අනුශාසනා කරන තැනැත්තන් නිසි ලෙස සලකන්න.


මාගේ සහෝදරය, සමිඳාණන් වහන්සේ තුළ මට මේ උපකාරය කරන්න; කිතුනුවෙකු වශයෙන් මාගේ සිත සනසන්න.


සහෝදරය, මට ඉමහත් ප්‍රීතියක් ද සැනසිල්ලක් ද ගෙන දෙන්නේ ඔබ නිසා සැදැහැවතුන්ගේ සිත් ප්‍රාණවත් වී ඇති බැවිනි.


දෙවියන් වහන්සේගේ වචනය ඔබ වෙත ගෙනා ඔබගේ නායකයන් සිහි කරන්න. ඔවුන්ගේ ජීවිත පැවැත්මේ ප්‍රතිඵල දෙස බලමින්, එම ඇදහිල්ල අනුගමනය කරන්න.


මාගේ දරුවන් සත්‍යය අනුව ජීවත් වන බව ඇසීමට වඩා ලොකු ප්‍රීතියක් මට නැත.