Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 කොරින්ති 7:13 - Sinhala New Revised Version 2018

13 අප එතරම් ධෛර්යවත් වූයේ ඒ නිසා ය. එසේ ධෛර්යවත් වීමේ දී අප වඩාත් ප්‍රීති වූයේ තීතස් දැක්වූ ප්‍රීතිය නිසා ය. මන්ද, ඔබ සියල්ලන්ගෙන් ඔහුට සහනය ලැබුණ නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 අප එතරම් ධෛර්යවත් වූයේ ඒ නිසා ය. එසේ ධෛර්යවත් වීමේ දී අප වඩාත් ප්‍රීති වූයේ තීතස් දැක්වූ ප්‍රීතිය නිසා ය. මන්ද, ඔබ සියල්ලන්ගෙන් ඔහුට සහනය ලැබුණ නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 එබැවින් අපි සැනසිල්ල ලැබීමු. අපගේම සැනසීමට අමතරව, ඔබ හැම තීතස්ගේ ආත්මය නව පණ ගන්වා තිබූ බැවින් වූ ඔහුගේ ප්‍රීතිය නිසා අප වඩාත් ප්‍රීති වන්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 එහෙයින් අපි සැනසීම ලබා සිටිමුව. නුමුත් අපේ සැනසිල්ලේදී අප වඩාම ප්‍රීතිවුණේ තීතස්ගේ ප්‍රීතිය නිසාය, මක්නිසාද ඔහුගේ ආත්මයට නුඹලා සියල්ලන්ගෙන් පහසුව ලැබී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 7:13
16 හුවමාරු යොමු  

ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න, ශෝක වන්නන් සමඟ ශෝක වන්න.


මා උදෙසා ඔබ දෙවියන් වහන්සේට පුද කරන යාච්ඤාවල දී මා සමඟ වීර්යයෙන් යාච්ඤා කරන ලෙස ය.


මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමඟ සියලු ම අවයවයෝ වේදනා විඳිති; එලෙස ම එක අවයවයක් ගෞරව ලබයි නම්, ඒ සමඟ සියලු ම අවයවයෝ ප්‍රීති වෙති.


සෝදිසියෙන් ඉන්න, ඇදහිල්ලෙහි ස්ථිර වන්න. වීරවන්ත ව සිටින්න. ශක්තිසම්පන්න වන්න.


එයින් මාගේ ද එසේ ම ඔබගේ ද සිතට සහනයක් ලැබිණි. මෙවැනි අය අගය කොට සලකන්න.


එහෙත් මාගේ සහෝදර වූ තීතස් මට සම්බ නුවූ බැවින් මාගේ සිතට සහනයක් නුවූයෙන් ඔවුන්ගෙන් සමුගෙන මම මසිදෝනියට ගියෙමි.


මා ඒ ලිපිය ලිව්වේ මේ කාරණාව නිසා ම ය. මා සතුටු කළ යුතු අය අතින් ම මා සිත් වේදනාවට පත් නොවන පිණිස, ඔබ වෙත ඒමට මම කැමැති නොවීමි. මා සතුටින් සිටින විට, ඔබත් සතුටින් සිටින බවට ඔබ ගැන මට පැහැදීමක් ඇත.


ඔබ ගැන ඔහුට යම් පාරට්ටුවක් කෙළෙම් නම්, මම ඒ ගැන ලජ්ජා නොවීමි. එහෙත් ඔබට අප පැවසූ සියල්ල සැබෑ වූ සේ ම, තීතස්ට අප කළ ඒ පාරට්ටුවත් සැබෑ වී ඇත.


ඔබ සියල්ලන්ගේ කීකරුකමත් බියෙන් හා තැතිගැන්මෙන් යුතු ව ඔබ ඔහු පිළිගත්සැටිත් සිහි කරන විට ඔහුගේ සිත ඔබ වෙත ඉමහත් ප්‍රේමයෙන් ඇදී යයි.


එහෙත් කලකිරුණු අය ධෛර්යවත් කරවන දෙවියන් වහන්සේ තීතස්ගේ පැමිණීමෙන් ද,


එබැවින් ඔබ ඔහු නැවත දැක ප්‍රීති වන පිණිසත්, මාගේ ශෝකය අඩු වන පිණිසත් ඔහු එවීමට වඩාත් ආශාවෙන් සිටිමි.


ඔනේසිපොරස්ගේ පවුලේ අයට සමිඳාණන් වහන්සේගේ කරුණාව ලැබේ වා! මන්ද, ඔහු බොහෝ වර මට සැනසිල්ලක් විය. ඔහු මා සිරගත වීම ගැන ලජ්ජා නොවූවා පමණක් නොව,


මාගේ සහෝදරය, සමිඳාණන් වහන්සේ තුළ මට මේ උපකාරය කරන්න; කිතුනුවෙකු වශයෙන් මාගේ සිත සනසන්න.


සහෝදරය, මට ඉමහත් ප්‍රීතියක් ද සැනසිල්ලක් ද ගෙන දෙන්නේ ඔබ නිසා සැදැහැවතුන්ගේ සිත් ප්‍රාණවත් වී ඇති බැවිනි.


අවසාන කොට ඔබ සියල්ලෝ ම එක්සිත් ව ද සානුකම්පික ව ද සහෝදර ස්නේහය ඇති ව ද සිටින්න. දයාව ද යටහත්කම ද ඇති ව සිට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්