ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 11:27 - Sinhala New Revised Version 2018

එහෙයින් නුසුදුසු ලෙස සමිඳාණන් වහන්සේගේ මේ පූප වළඳන, මේ කුසලානෙන් පානය කරන කවරෙක් වුව ද, එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් සමිඳාණන් වහන්සේගේ ශරීරයට හා රුධිරයට විරුද්ධ ව පව් කිරීමේ වරදකරුවෙක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙයින් නුසුදුසු ලෙස සමිඳාණන් වහන්සේගේ මේ රොටි වළඳන, මේ කුසලානෙන් පානය කරන කවරෙක් වුව ද, එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් සමිඳාණන් වහන්සේගේ ශරීරයට හා රුධිරයට විරුද්ධ ව පව් කිරීමේ වරදකරුවෙක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එබැවින් නුසුදුසු ලෙස ස්වාමින්වහන්සේගේ රොටි අනුභව කරන්නාවූත්, ඒ කුසලානෙන් පානය කරන්නාවූත් කවරකු වුව ද, ස්වාමින්වහන්සේගේ ශරීරයත්, උන්වහන්සේගේ රුධිරයත් කෙලෙසීමේ වරදකරුවෙක් වෙයි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහෙයින් නුසුදුසුලෙස මේ රොටි කන්නාවූ නොහොත් ස්වාමීන්වහන්සේගේ කුසලානෙන් බොන්නාවූ කවරෙකු නුමුත්, ස්වාමීන්වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 11:27
11 හුවමාරු යොමු  

“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය දන්වන්න: ‘නුඹලාගෙන් හෝ නුඹලාගේ දරුපරපුරෙන් හෝ යමෙකු මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වී සිටියත්, ඈත දුර ගමනක යෙදී සිටියත්, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කුව පැවැත්විය යුතු ය.


එහෙත්, පවිත්‍ර කෙනෙක් හෝ දුර ගමනක් නොගිය යම් මිනිසෙක් හෝ පාස්කුව නොපවත්වන්නේ නම්, ඔහු නියම කාලයේ දී සමිඳාණන් වහන්සේට තම පඬුර නොගෙනා බැවින්, එවැන්නකු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඔහු තම පාපය ගැන ද වගකිව යුතු වේ.


එහෙත්, රජතුමා අමුත්තන් බැලීමට පැමිණි කල, එහි මඟුල් ඇඳුම් නොහැඳ සිටි මිනිසෙකු දැක,


ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.


ඔබට සමිඳාණන් වහන්සේගේ කුසලානෙන් ද දුෂ්ටාත්මයන්ගේ කුසලානෙන් ද පානය කළ නොහැක. සමිඳාණන් වහන්සේගේ මේසයට ද දුෂ්ටාත්මයන්ගේ මේසයට ද ඔබට සහභාගි විය නොහැක.


සමිඳාණන් වහන්සේගේ ශරීරය යන්නෙහි තේරුම නොවිමසා, පූප වළඳන, කුසලානෙන් පානය කරන තැනැත්තේ එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් තමා ම වරදකරුවෙක් කරගන්නේ ය.


එසේ නම් දේව පුත්‍රයාණන් පයින් පාගාදමන, තමාට විශුද්ධිය දුන් ගිවිසුම් ලේ, අශුද්ධ දෙයක් කොට සිතන, වරප්‍රසාදයේ ආත්මයාණන් වහන්සේට අපහාස කරන අපි ඊටත් වඩා තද දඬුවමකට සුදුස්සෝ නොවෙමු ද?