එවිට සතුරු සේනාවෝ කඳවුරෙන් නික්ම ගොස්, සටන් වැදීමට සූදානම් වී සැරසී සිටගත්හ. අශ්ව සේනාව සේනාංක දෙකකට බෙදා වෙන් කරන ලදී. ගල් පටියෙන් විදින්නෝ ද දුනුවලින් විදින්නෝ ද බිහිසුණු භට පිරිස් සමඟ හමුදාව ඉදිරිපසින් ගමන් කළහ. සියල්ලෝ ම නිර්භීත සටන්කාමීහු වූ හ.