ඔව්හු ඉදුමියාව මැදින් ඉදිරියට ගොස් බෙත්-ශූර් නගරය වටලා, දින ගණනක් නොකඩවා ම ඊට පහර දුන්හ. ඔව්හු නගර වටලන යුද්ධ යන්ත්‍ර ද සෑදූ හ. එහෙත් ආරක්ෂක භටයෝ ධෛර්යවත් ව ඔවුන්ට විරුද්ධ ව සටන් කරමින් හදිසි පහරක් දී ඒ යන්ත්‍රවලට ගිනි තැබූ හ.