පෙර කාලයේ දී මෙන්, මිසදිටුවන් පූජාසනය වෙත පැමිණ නිර්දය ලෙස පහර දීම වැළැක්වීම සඳහා, ඔව්හු, සියොන් කන්ද වට කර ශක්තිසම්පන්න කොත් සහිත උස ප්‍රාකාරයක් ගොඩනැඟීමට පටන්ගත්හ. තවද, ජූදස් සියොන් කන්ද මුර කරනු පිණිස එහි ආරක්ෂක භට පිරිසක් සහිත බලකොටුවක් ද පිහිටුවිය. ඉදුමියාවට විරුද්ධ ව, සෙනඟට ආරක්ෂාව සලසන පිණිස ඔහු විශාල බලකොටුවකින් බෙත්-ශූර් නගරය ශක්තිසම්පන්න කෙළේ ය.