ඒ පළාතේ වෙළෙන්දෝ ඔවුන් කවුරුන් දැ යි දැනගත් විට, ඉශ්රායෙල්වරුන් වහලුන් ලෙස මිලයට ගනු පිණිස රන් රිදී විශාල තොගයක් ද මාංචු ද රැගෙන කඳවුරට පැමිණියහ. ඔවුන් සමඟ ඉදුමියා දේශයෙන් සහ පිලිස්තිවරුන්ගේ දේශයෙන් සේනාංකයක් ද පැමිණියෝ ය.