එහෙත්, ඒ මහා බළ ඇණිය තමන් ඉදිරියට එනු දුටු වහා ම ජූදස්ගේ සෙනඟ ජූදස්ට කතා කොට, “ටික දෙනෙකු වන අපි මේ සා විශාල සෙනඟකට විරුද්ධ ව කෙසේ සටන් කරමු ද? අද අපට කෑමටත් කිසිවක් නොලැබුණු බැවින් අපි අධික වෙහෙසට පත් වී සිටිමු”යි කී හ.