1 පාවුල්, සිල්වානස් හා තිමෝති වෙතිනි. පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ ද තුළ තෙසලෝනිවරුන්ගේ සභාව වෙත ය: ඔබට අනුග්‍රහයත්, සාමයත් වේවා! තෙසලෝනිවරුන්ගේ ඇදහිල්ල ගැන තුති පුදමින්2 අපගේ යාච්ඤාවලදී ඔබ සිහි කරමින්, ඔබ හැම ගැන නිරතුරු අපි දෙවියන්වහන්සේට තුති පුදන්නෙමු. 3 ඔබගේ ඇදහිල්ලේ ක්‍රියාව ද ඔබගේ ප්‍රේමයේ වෙහෙසීම ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ ඔබගේ බලාපොරොත්තුවෙන් උපදනා නො පසුබට වීර්යය ද ගැන අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ ඉදිරියේ නිබඳව අපි සිහි කරන්නෙමු. 4 දෙවියන්වහන්සේගේ ප්‍රේමයට පාත්‍ර වූ සහෝදරයිනි, උන්වහන්සේ ඔබ තෝරා ගෙන ඇති බැව් අපි දනිමු. 5 මන්ද අපගේ ශුභාරංචිය ඔබ වෙත ආවේ, හුදෙක් වචන මඟින් පමණක් නො වේ; බලයෙන්, ශුද්ධාත්මයාණන්ගෙන් හා සහතික විශ්වාසයකින් යුතුව ය. ඔබ උදෙසා අප කෙලෙස ඔබ අතරෙහි විසුවාදැයි ඔබ දන්නහු ය. 6 දැඩි පීඩා අතරදීත්, ශුද්ධාත්මයාණන්ගෙන් ලද ප්‍රීතියෙන් යුතුව පණිවුඩය පිළිගැනීමෙන් ඔබ අපත්, ස්වාමින්වහන්සේත් අනුකරණය කරන්නන් වූහ. 7 මෙසේ ඔබ මකිදෝනිය හා අකායයෙහි ඇදහිලිවතුන් හැමට ආදර්ශයක් වූහ. 8 ස්වාමින්වහන්සේගේ පණිවුඩ-රාවය ඔබ වෙතින් මකිදෝනිය හා අකාය පළාත් තුළ පැතිර ගියා පමණක් නො ව, දෙවියන්වහන්සේ කෙරේ ඇති ඔබගේ ඇදහිල්ල ගැන අන් හැම තැන පතළවී ඇති බැවින්, අප ඒ ගැන කිසිවක් කීම අවැසි නො වේ. 9 මන්ද ඔබ කෙලෙස අප පිළිගත්තේ ද ජීවමාන වූ සත්‍යයම දෙවියන්වහන්සේට මෙහෙ කරන පිණිස පිළිම රූප වෙතින් ඔබ කෙලෙස දෙවියන්වහන්සේ වෙත හැරුණේ ද 10 පැමිණෙන උදහසින් අප මුදා ගන්නා යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටුවන ලද පුත්‍රයාණන්වහන්සේ ස්වර්ගයෙන් එන තුරා කෙලෙස ඔබ මඟ බලා සිටින්නේ ද යන්න ඔවුහුම පවසති. |
ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම
සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි.
Sinhala Contemporary Version™, New Testament
Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
Used with permission. All rights reserved worldwide.
Biblica, Inc.