Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තෙසලෝනික 1:8 - සිංහල කාලීන පරිවර්තනය

8 ස්වාමින්වහන්සේගේ පණිවුඩ-රාවය ඔබ වෙතින් මකිදෝනිය හා අකාය පළාත් තුළ පැතිර ගියා පමණක් නො ව, දෙවියන්වහන්සේ කෙරේ ඇති ඔබගේ ඇදහිල්ල ගැන අන් හැම තැන පතළවී ඇති බැවින්, අප ඒ ගැන කිසිවක් කීම අවැසි නො වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මන්ද, ඔබ වෙතින් සමිඳාණන් වහන්සේගේ පණිවුඩයේ රාවය මසිදෝනියෙහිත් ග්‍රීසියෙහිත් පිළිරැව් දුන්නා පමණක් නොව, දෙවියන් වහන්සේ කෙරෙහි වූ ඔබේ ඇදහිල්ල සෑම තැන ම පතළ විය. මේ ගැන වැඩි යමක් කීම අවශ්‍ය නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මන්ද, ඔබ වෙතින් සමිඳාණන් වහන්සේගේ පණිවුඩයේ රාවය මසිදෝනියෙහිත් ග්‍රීසියෙහිත් පිළිරැව් දුන්නා පමණක් නොව, දෙවියන් වහන්සේ කෙරෙහි වූ ඔබේ ඇදහිල්ල සෑම තැන ම පතළ විය. මේ ගැන වැඩි යමක් කීම අවශ්‍ය නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 මක්නිසාද නුඹලා වෙතින් ස්වාමීන්වහන්සේගේ වචනයේ හඬ මකිදෝනියෙහිත් අකායෙහිත් පැතිර ගියා පමණක් නොව අප විසින් කිසිවක් කියන්ට ඕනෑ නොකරන හැටියට දෙවියන්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ල සෑම තැනම ප්‍රකාශවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තෙසලෝනික 1:8
20 හුවමාරු යොමු  

පළමු කොට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් ඔබ හැම ගැන මාගේ දෙවියන්වහන්සේට මා ස්තුති කරන්නේ, ඔබගේ ඇදහිල්ල මුළු ලෝකයේම ප්‍රසිද්ධව ඇති බැවිනි.


ඉන්පසු වෙනත් දේව දූතයකු, පොළොවේ වෙසෙන හැම ජාතියකට, හැම ගෝත්‍රයකට, හැම භාෂාවකට හා හැම ජනතාවකට ප්‍රකාශ කරන්නට සදාතන ශුභාරංචියක් ඇතිව අහස මැද පියාසර කරනු මම දැක්කෙමි.


දෙමිත්‍රියස් ගැන සැවොම හොඳ කියති. සත්‍යය පවා එය සනාථ කරයි. අපත්, අපගේ සාක්ෂිය ඊට එකතු කරන්නෙමු. අපගේ සාක්ෂිය සත්‍ය වග ඔබ දනී.


එබැවින් ඔබ ඉවසා දරා සිටින සියලු පීඩා හා කරදර මැද ද ඔබගේ ස්ථිරකමත්, ඇදහිල්ලත් ගැන දෙවියන්වහන්සේගේ සභා අතරේ අපි පාරට්ටු කරන්නෙමු.


අවසන් වශයෙන් සහෝදරයිනි, ස්වාමින්වහන්සේගේ වචනය ඔබ අතරේ මෙන් සීඝ්‍රයෙන් පැතිරෙනු සඳහාත්, ගෞරවයට පාත්‍ර වනු සඳහාත් අප උදෙසා යාච්ඤා කරන්න.


ආත්මයාණන්වහන්සේ ද මනාලී ද “එන්නැ” යි කියති. අසන තැනැත්තා ද “එන්නැ” යි කියත්වා! පිපාසිත ඇත්තා එත්වා! කැමැත්ත ඇත්තා ජීවනයේ දිය නොමිලයේ අරගනිත්වා!


ඔබගේ කීකරුකමේ කීර්තිය හැමටම දැනගන්නට ලැබී ඇත, එබැවින් ඔබ ගැන මම ප්‍රීති වෙමි. එහෙත් ඔබ, හොඳ දෑ ගැන ප්‍රඥාවන්තයින් වී, නපුර ගැන අහිංසකයින් වීම මගේ කැමැත්තයි.


ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ වෙත අපට ඇත්තේ එවැනි සහතිකයකි.


දෙවියන්වහන්සේගේ වචනය මුලින්ම පැන නැගුණේ ඔබ වෙතින් ද? නැතහොත් එය ළඟා වූ එකම ජනයා ඔබ පමණක් ද?


එහෙත් ගලියෝ, අකායේ පළාත් ආණ්ඩුකරු ව සිටියදී, යුදෙව්වෝ පාවුල්ට එරෙහිව එක්සත්ව නැගිට, උසාවියට ඔහු ගෙන අවුත්,


යෙරුසලම්හි සිටින ශුද්ධවතුන් අතර දිළිඳු අයට සම්මාදමක් දීමට මකිදෝනිය සහ අකාය සභා මනාප වූහ.


එහෙත් හැම විට ක්‍රිස්තුස්වහන්සේ තුළ ජය පෙරහැරෙහි අප ගෙන යන්නාවූත්, උන්වහන්සේ දැන ගැනීමේ සුවඳ අප මඟින් හැම තැන පතුරවන්නාවූත් දෙවියන්වහන්සේට ස්තුති වේවා!


ක්‍රිස්තුස්වහන්සේගේ වචනය සියලු ප්‍රඥාවෙන් යුතුව ඉසුරුමත්ව ඔබ තුළ වාසය කෙරේවා! ගීතාවලී කාව්‍ය, ගීතිකා හා ආත්මික ගී තුළින් ඔබ එකිනෙකාට උගන්වමින් හා ගුරුහරුකම් දෙමින් දෙවියන්වහන්සේට ස්තුති පිරි හදවතින් යුතුව ගායනා කරන්න.


එබැවින් හැම තැනක පුරුෂයින් තරහ හා කළහ නැතිව, යාච්ඤාවේදී ශුද්ධ අත් එසවීම මගේ කැමැත්ත ය.


අපරාධකරුවකු සේ යදමින් බඳිනු ලැබ, මා පීඩා විඳින්නේ ඒ උදෙසා ය; එහෙත් දෙවියන්වහන්සේගේ වචනය බඳිනු ලැබ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්