ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 92 - Sinhala Revised Old Version Sinhala Revised Old Version
ගීතාවලිය 92

ධර්මිෂ්ඨයාගේ සමෘද්ධ භාවය

1 ස්වාමීන්ට ස්තුතිකිරීමත්, මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කීමත් යහපත.

2 තත් දසයේ වීණාවෙන්ද කුඩා වීණාවෙන්ද මහා වීණාවේ ගරුවූ ශබ්දයෙන්ද

3 උදය ඔබගේ කරුණාගුණයත් සෑම රාත්‍රියේම ඔබගේ විශ්වාසකමත් ප්‍රකාශකිරීම යහපත.

4 මක්නිසාද ස්වාමිනි, ඔබගේ ක්‍රියාවෙන් ඔබ මා සන්තෝෂකළසේක. ඔබගේ හස්තකර්ම ගැන ප්‍රීති ප්‍රකාශ කරන්නෙමි.

5 ස්වාමිනි, ඔබගේ ක්‍රියා කොපමණ මහත්ද! ඔබගේ කල්පනා ඉතා ගැඹුරුය.

6 මේක මෝඩ මනුෂ්‍යයා නොදනියි; අඥානයා තේරුම් නොගනියි;

7 දුෂ්ටයන් තණකොළ මෙන් වැඩෙන්නෙත්, අයුතුකම්කරන සියල්ලන් සඵලවන්නෙත්, ඔවුන් සදාකාලේට විනාශවන පිණිසය.

8 නුමුත් ස්වාමිනි, ඔබ සදාකල්ම උසස්ථානයෙහි වැඩසිටිනසේක.

9 මක්නිසාද ස්වාමිනි, ඔබගේ සතුරෝ, එසේය, ඔබගේ සතුරෝ, විනාශවන්නෝය; අයුතුකම්කරන සියල්ලෝම විසුරුවනු ලබන්නෝය.

10 නුමුත් ඔබ කුළු ගොනාගේ අඟ මෙන් මාගේ අඟ උස්කළසේක; මම අලුත් තෙලින් ගාගන සිටිමි.

11 මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ ඇසට පෙනුණේය, මට විරුද්ධව නැගිටින්නාවූ නපුරුකම්කරන්නන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ කන්වලට ඇසුණේය.

12 ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය. ඔහු ලෙබනොන්හි කිහිරි ගසක්මෙන් වැඩෙන්නේය.

13 ස්වාමීන්ගේ ගෘහයෙහි හිඳුවනලද්දෝ අපේ දෙවියන්වහන්සේගේ මිදුල්වල සඵලවන්නෝය.

14 ස්වාමීන්වහන්සේ අවංක බවත්, මාගේ පර්වතය බවත්, උන්වහන්සේ තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස,

15 ඔව්හු මහලු වයසේදීත් ඵලදෙමින් සාරවත් වන්නෝය, සශ්‍රීකවන්නෝය.

Ceylon Bible Society

Ceylon Bible Society