ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 76 - Sinhala Revised Old Version Sinhala Revised Old Version
ගීතාවලිය 76

ජයග්‍රහනයේදී දෙවියන්වහන්සේගේ ගුණ වර්ණනා කිරීම ‍

1 දෙවියන්වහන්සේ යූදාහි ප්‍රසිද්ධසේක. ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ නාමය උතුම්ය.

2 උන්වහන්සේගේ මණ්ඩපය සාලෙම්හිය, උන්වහන්සේගේ වාසස්ථානය සියොන්හිය.

3 එහිදී උන්වහන්සේ දුන්නේ ඊගස් හා පලිහද කඩුව හා සටනද බින්දසේක.

4 කොල්ලගත් කඳුවල සිට ඔබ තේජෝමහිමයෙන් යුක්තවනසේක.

5 සවි සිත් ඇත්තෝ කොල්ලකනු ලැබුවෝය, තමුන්ගේ නින්දට පැමිණියෝය; බලවත්වූ කිසිවෙකුගේ අතෙහි ශක්තිය නොවීය.

6 යාකොබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ තරවටුකිරීමෙන් රථ සේනාව සහ අසරුවෝ බර නින්දට හෙළනු ලැබුවෝය.

7 භයවිය යුත්තේ ඔබටය, ඔබට පමණක්මය. ඔබ කෝපවූ කල්හි ඔබ ඉදිරියෙහි සිටින්ට හැකි කාටද?

8 ඔබ ස්වර්ගයෙන් නඩුතීන්දුව ඇසෙන්ට සැලැස්වූසේක; පොළොවේ සියලු යටහතුන් ගළවන පිණිස

9 දෙවියන්වහන්සේ විනිශ්චයට නැගිටි කල, පොළොව භයව නිශ්චලවිය.

10 සැබවින් මනුෂ්‍යයාගේ උදහසින් ඔබට ප්‍රශංසා ලැබෙන්නේය. උදහසේ ඉතිරි කොටස ඔබ ආයුධ කොට බැඳගන්නාසේක.

11 ඔබගේ දෙවිවූ ස්වාමීන්ට භාරයක්වී එය ඔප්පුකරව්. උන්වහන්සේ වටකර සිටින සියල්ලෝ භයවිය යුතුවූ උන්වහන්සේට පඬුරු ගෙනෙත්වා.

12 උන්වහන්සේ අධිපතීන්ගේ එඩි මඩිනසේක. පොළොවේ රජුන්ට භයංකර වන සේක.

Ceylon Bible Society

Ceylon Bible Society