ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 120 - Sinhala New Revised Version Sinhala New Revised Version
ගීතාවලිය 120

වන්දනා ගීයක්

1 මාගේ විපතේ දී මම සමිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ මට උත්තර දුන් සේක.

2 සමිඳුනි, බොරුකාර තොල්වලින් ද වංචාකාර දිවෙන් ද මා ගැළෙවුව මැනව.

3 එම්බා වංචාකාරයෙනි! දෙවිඳුන් ඔබට කුමක් කළ යුතු ද? කුමන දඬුවමක් දිය යුතු ද?

4 දිළෙන ගිනි අඟුරු ද හේවායාගේ තියුණු ඊගස් ද ඔබ පිට පැමිණේ වා!

5 මෙෂෙක්හි විදේශී ව සිටීම ද කේදාර්හි කූඩාරම් මැද වාසය කිරීම ද මට දුකක් ය.

6 සාමයට ද්වේෂ කරන්නා සමඟ මම බොහෝ කල් වාසය කෙළෙමි.

7 මම සාමය සොයන්නෙමි; එහෙත්, ඒ ගැන කතා කරන විට ඔව්හු සටනට සැරසෙති.

Ceylon Bible Society

Ceylon Bible Society