ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 115 - Sinhala New Revised Version Sinhala New Revised Version
ගීතාවලිය 115

එක ම සැබෑ දෙවියන් වහන්සේ

1 සමිඳුනි, අප නිසා නොව, අප නිසා නොව, ඔබේ තිර පෙම නිසාත්, සත්‍යවාදිකම නිසාත්, ඔබේ නාමය නිසාත් ඔබේ මහිමාලංකාරය ප්‍රකාශ කළ මැනව.

2 “ඔවුන්ගේ දෙවිඳාණෝ දැන් කොතැන්හි දැ”යි ජාතීන්ට අසන්න ඉඩ දෙන්නේ කුමට ද?

3 අපේ දෙවි තුමාණෝ ස්වර්ගයේ ය; තමන් කැමැති කුමන දෙයක් වුවත් එතුමාණෝ කරන සේක.

4 ඔවුන්ගේ දේවතා රූප රිදීයෙන් හා රනින් ය; මිනිසුන්ගේ දෑතේ වැඩ ය.

5 ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි; ඇස් ඇත, එහෙත්, නොදකියි;

6 කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් ඇත, එහෙත්, ගඳ සුවඳ නොදැනෙයි;

7 ඒවාට දෑත ඇත, එහෙත්, ස්පර්ශ නොකරයි; පාද ඇත, එහෙත්, නොඇවිදියි; උගුරෙන් ශබ්ද නොකරයි.

8 ඔවුන් සාදන්නෝ ඔවුන් වාගේ ම ය; ඔවුන් විශ්වාස කරන සියල්ලෝත් එසේ ම ය.

9 එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.

10 එම්බා ආරොන්ගේ වංශය! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.

11 සමිඳුන් නමදින සියල්ලෙනි! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.

12 සමිඳාණෝ අප සිහිකරන සේක; අපට ආශීර්වාද කරන සේක; එතුමාණෝ ඉශ්රායෙල් වංශයට ආශීර්වාද කරන සේක; එතුමාණෝ ආරොන්ගේ වංශයට ආශීර්වාද කරන සේක.

13 සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති ලොකු කුඩා සියල්ලන්ට එතුමාණෝ ආශීර්වාද කරන සේක.

14 සමිඳාණෝ ඔබ හා ඔබේ දරුවන් වඩ වඩා වර්ධනය කරන සේක් වා!

15 අහසත්, පොළොවත් මැවූ සමිඳාණෝ ඔබට ආශීර්වාද කරන සේක් වා!

16 ස්වර්ගය වනාහි සමිඳුන්ට පමණක් අයිති ය. එහෙත්, පොළොව එතුමාණෝ මිනිසුන්ට දුන් සේක.

17 මියගිය අය වත්, පාතාල ලෝකයේ අය වත් සමිඳුන්ට ප්‍රශංසා නොකරති.

18 එහෙත් අපි, ජීවත් ව සිටින අපි, මෙතැන් පටන් සදහට ම සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමු. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

Ceylon Bible Society

Ceylon Bible Society