ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 54 - Sinhala New Revised Version 2018 Sinhala New Revised Version 2018
ගීතාවලිය 54

අන්තරායෙන් මිදීමට යැදුමක්
දාවිත්ගේ සංගීතයකි. සිප්වරුන් පැමිණ, “බලන්න, දාවිත් අප අතර සැඟවී සිටින්නේ ය”යි සාවුල්ට කී පසු දාවිත් විසින් ලියන ලද අනුශාසනාවකි.

1 අහෝ දෙවිඳුනි, ඔබ නාමයේ අනුහසින් මා මුදාලුව මැනව; ඔබ බල මහිමයෙන් මා නිදහස් කළ මැනව;

2 දෙවිඳුනි, මාගේ යැදුමට සවන් දුන මැනව; මා පවසන වදනට ද සවන් දුන මැනව.

3 විදේශිකයෝ මට විරුද්ධ ව නැඟිට්ටෝ ය; සාහසිකයෝ මා මරන්නට සෙවුවෝ ය. මාගේ අධිපතියාණන් දෙවිඳුන් බව ඔව්හු නොපිළිගත්තෝ ය.

4 දෙවිඳාණෝ මාගේ සහායට වඩින සේක; සමිඳාණෝ මාගේ දිවියට රැකවරණය දෙන සේක.

5 මාගේ සතුරන් මට කළ නපුර ඔවුන්ට ම පල දේ වා! තම විශ්වාසවන්තකම නිසා එතුමාණෝ ඔවුන් සහමුලින් ම වනසාලන සේක් වා!

6 තුටුපහටු සිතින් මම ඔබට පඬුරු පුදන්නෙමි. සමිඳුනි, සැබැවින් ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නෙමි.

7 එතුමාණෝ සැම විපතින් මා මුදා ලූ සේක. මා දෙනෙතින් මා සතුරන්ගේ විපත දැක මම සතොස් වන්නෙමි.