Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 54:7 - Sinhala New Revised Version 2018

7 එතුමාණෝ සැම විපතින් මා මුදා ලූ සේක. මා දෙනෙතින් මා සතුරන්ගේ විපත දැක මම සතොස් වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එතුමාණෝ සැම විපතින් මා මුදා ලූ සේක. මා දෙනෙතින් මා සතුරන්ගේ විපත දැක මම සතොස් වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 මක්නිසාද උන්වහන්සේ සෑම දුක්වලින් මා මිදූසේක; තවද මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ ඇසින් දුටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 54:7
14 හුවමාරු යොමු  

මට ප්‍රේම කරන දෙවිඳාණෝ වඩින සේක; මාගේ සතුරන්ගේ පරාජය මට දැකගන්නට සලසන සේක.


ඔහුගේ සිත සවිමත් ය; ඔහු බිය නොවන්නේ ය. සිය සතුරන්ගේ පරාජය දක්නට ලැබෙන බව ඔහුට ඒකාන්ත ය.


මාගේ සතුරන්ගේ පරාජය මම දෑසින් දුටුවෙමි. දුදනන්ගේ දුක් විලාපයට සවන් දිනිමි.


සමිඳාණෝ මාගේ පැත්තෙහි ය; මාගේ උපකාරකයාණෝ ය. එබැවින්, වෛර කරන්නන්ගේ පරාජය මම දකින්නෙමි.


සමිඳාණන් වහන්සේ සියලු දරුණු උවදුරුවලින් මා මුදා, උන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට මා පමුණුවන සේක. උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.


ඔබේ ම දෙනෙතින් මේ සියල්ල ඔබ දකින්නෙහි ය. දුදනන්ට වන දඬුවම ඔබ නරඹන්නෙහි ය.


සමිඳුන් කෙරේ බලාපොරොත්තුව රඳවා, එතුමාණන්ගේ අණපනත් රක්ෂා කරන්න; දේශය ඔබට හිමි වන පිණිස එතුමාණෝ ඔබ උසස් කරනු ඇත; දුදනන් වැනසෙන හැටි ඔබේ ඇසින් ඔබ දකිනු ඇත.


දමිටුන්ට බොහෝ ආපදා ඇතත්, හිමිතුමාණෝ ඒ සියල්ලෙන් ඔවුන් මුදා හරින සේක.


හිමිතුමාණන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය; එතුමාණෝ ඔහුගේ බස් අසා, සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක.


ඉතින් අද දවසේ ඔබේ ප්‍රාණය මා ගරු කොට සැලකුවාක් මෙන් මාගේ ප්‍රාණය ද සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි දී ගරු කොට සලකනු ලැබේවා. උන් වහන්සේ සියලු විපත්තිවලින් මා ගළවන සේක් වා!”


සියලු නපුරෙන් මා මුදාලූ ඒ දූතවරයාණෝ, මේ දරුවන්ට ආශීර්වාද කරන සේක් වා! මාගේ නම ද මා පියවරුන් වූ ආබ්‍රහම්ගේ හා ඊසාක්ගේ නම ද ඔවුන් සමඟ නොමැකී පවතී වා! ඔව්හු මිහි මත සඵල විපුල මහ ජනතාවක් වෙත් වා!”


දාවිත් ද බෙයේරොත්හි රිම්මොන්ගේ පුත්‍රයන් වන රේකාබ්ටත්, ඔහුගේ සහෝදර බානාටත් පිළිතුරු දෙමින්, “සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය ගළවාගත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා මෙසේ කියමි:


ඔබේ අධික ප්‍රේමයෙන් මා සතුරන් සිඳදැමුව මැනව. මට පීඩා කරන සියල්ලන් විනාශ කළ මැනව. මන්ද, මම ඔබේ මෙහෙකරු වෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්