එවිට ඉශ්‍රායෙල් රජ දේශයේ සියලු වැඩිමහල්ලන් කැඳවා: මේ මනුෂ්‍යයා නපුරක් සොයන හැටි කල්පනාකර බලන්න. ඔහු මාගේ භාර්යාවන්ද මාගේ දරුවන්ද මාගේ රන් රිදීද මාගෙන් ඉල්ලා එවූ විට, දෙන්ට බැරිය කියා මම නොකීවෙමියි කීවේය.
1 රාජාවලිය 20:8 - Sinhala Revised Old Version සියලු වැඩිමහල්ලෝද මුළු සෙනඟද කථාකොට: ඔබ ඇහුම්කන් නුදුන මැනවි, ඊට එකඟනූන මැනවියි ඔහුට කීවේය. Sinhala New Revised Version සියලු ප්‍රජා මූලිකයෝ ද මුළු සෙනඟ ද කතා කොට, “ඔබ ඇහුම්කන් නුදුන මැනව; ඊට එකඟ නූණ මැනව”යි ඔහුට කී හ. Sinhala New Revised Version 2018 සියලු ප්‍රජා මූලිකයෝ ද මුළු සෙනඟ ද කතා කොට, “ඔබ ඇහුම්කන් නුදුන මැනව; ඊට එකඟ නූණ මැනව”යි ඔහුට කී හ. |
එවිට ඉශ්‍රායෙල් රජ දේශයේ සියලු වැඩිමහල්ලන් කැඳවා: මේ මනුෂ්‍යයා නපුරක් සොයන හැටි කල්පනාකර බලන්න. ඔහු මාගේ භාර්යාවන්ද මාගේ දරුවන්ද මාගේ රන් රිදීද මාගෙන් ඉල්ලා එවූ විට, දෙන්ට බැරිය කියා මම නොකීවෙමියි කීවේය.
එබැවින් ඔහු බෙන්-හදද්ගේ පණිවිඩකාරයන්ට කථාකොට: ඔබ පළමුවෙන් ඔබගේ මෙහෙකරුවාට කියා එවූ සියල්ලම කරන්නෙමි. නුමුත් මේ දේ මට කරන්ට බැරිය කියා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට කියන්නැයි කීවේය. පණිවිඩකාරයෝ පිටත්ව ගොස් ඔහුට උත්තරය කීවෝය.